සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 960

හිතෙසී

පු. වැඩකැමැත්තා, අභිවෘද්ධිය කැමැත්තා. (පි. 542)

හිනති

ක්‍රි. (√ භු. හි, උපතාපෙසු, තැවීමෙහි +ති) හිංසාකරයි, නසයි. (පි. 542)

හින්තාල

පු. කිතුල්ගස. (පි. 542)

හින්දගු

පු. ඉන්ද්‍රගෙන් හටගත් තැනැත්තා. (පි. 542)

හිම

පු. සීතලය, වැහි, මිරිදිය. (පි. 542)

හිමංසු

පු. සීතල රශ්මි ඇත්තා, චන්ද්‍ර‍යා. (පි. 542)

හිමපාත

පු. හිමවැටීම, පිණිවැටිම. (පි. 542)

හිමපාතසමය

පු. හිම වැටෙන කාලය, අන්තරට්ඨක හිමපාතසමය බලනු. (පි. 542)

හිමරංසි

පු. චන්ද්‍ර‍යා, හිමංසු. (පි. 542)

හිමවන්තු

පු. න. හිමවත් පර්‍වතය, හිමාලය. (පි. 542)

හිමවාත

න. හිම සහිත වාතයක්. (පි. 542)

හිමවාලුකා

ඉ. කපුරු. (පි. 542)

හිමාචල

පු. හිමවත් පර්‍වතය, හිමාලය. (පි. 542)

හිමාලය

පු. හිමආලය, හිමවත, හිමාවලය. (පි. 542)

හිමාව්හ

පු. කපුරු. (පි. 542)

හිරඤ්ඤ

න. ස්වර්‍ණය, ධනය, රන්. (පි. 542)

හිරඤ්ඤගභ

පු. බ්‍ර‍හ්මයා. (පි. 542)

හිරි

ඉ. ලජ්ජාව, පාපයට ලජ්ජාව.
√ දි. ලජ්ජා, චොදනාසු, ලජ්ජාවෙහි හා චොදනාවෙහි, හිරීයති, ලජ්ජාවෙයි. (පි. 542)

හිරිඔත්තප්ප

න. පාපයට බය හා පාපයට ලජ්ජාව, හිරි ඔතප් දෙක. (පි. 542)

හිරික

පු. හිරි ඇත්තා. (පි. 543)

හිරිකොපීන

න. ලජ්ජාව. (පි. 543)

හිරිනිසෙධ

න. ලජ්ජාවෙන් වැලක්වීම. (පි. 543)

හිරිබල

න. හ්‍රී බලය, බලබවට පත් හිරිය. (පි. 543)

හිරිමා

පු. හිරි ඇත්තා. (පි. 543)