සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 959

හාසධම්ම

න. විනොදය, කෙළිසෙල්ලම, සරදම. (පි. 541)

හාසි

√ භු. ආලිඞ්ගනෙ, වැළඳගැන්මෙහි, හාසති, වැළඳගනී. (පි. 542)

හාසු

ති. ඉක්මන්, සීඝ්‍ර (පි. 542)

හාසුපඤ්ඤ

පු. සිනා බහුලකොට ඇති ප්‍ර‍ඥා ඇත්තා, ඥානවන්තයා. (පි. 542)

හාසෙති

ක්‍රි. (√ භු. හස, හසනෙ, සිනාසීමෙහි +ණෙ+ති) සිනාසෙයි. (පි. 542)

හි

අ. හේතු, විශේෂාර්ථ, ආධාර පදපූරණ විස්මය යනාදියෙහි. (පි. 542)

හිංකාර

පු. හිං යන අනුකර ශබ්ද කිරීම. (පි. 542)

හිංසති

ක්‍රි. (√ භු. හිසි, හිංසායං, හිංසාවෙහි +ති) හිංසා කරයි. (පි. 542)

හිංසන

න. හිංසාකිරීම, වධය, මැරීම. (පි. 542)

හිංසා

ඉ. වධය, මරණ. (පි. 542)

හිංසාසීල

පු. හිංසාස්වභාවකොට ඇත්තා වධකයා. (පි. 542)

හික්ක

√ චු. පීඩායං, පෙළීමෙහි, හික්කෙති හික්කයති, පෙළයි, පීඩාකරයි.
√ භු. අව්‍යත්තෙසද්දෙ, අව්‍යක්ත ශබ්දයෙහි, හික්කති, අව්‍යක්ත ශබ්දකරයි. (පි. 542)

හිඞ්ගු

ඉ. සිරියල්. (පි. 542)

හිඞ්ගුනීය්‍යාස

පු. කොසඹ. (පි. 542)

හිඞ්ගුරාජ

පු. පක්ෂියෙක්. (පි. 542)

හිඞ්ගුලක

න. සාදිලිංගම්, එවැනි රතු පැහැය. (පි. 542)

හිඞ්ගුලී

ඉ. සාදිලිංගම්, එහිවූ රතු පැහැය. (පි. 542)

හිඩි

√ භු. ගතියං, යාමෙහි, හිණ්ඩති, ආහිණ්ඩති යෙයි, හැසිරෙයි. (පි. 542)

හිණ්ඩති

ක්‍රි. (√ භු. හිඩි, ගතියං, යෑමෙහි +ති) ඇවිදියි. ආහිණ්ඩති. (පි. 542)

හිණ්ඩන

න. ඇවිදීම, ආහිණ්ඩණය. (පි. 542)

හිත

න. අභිවෘද්ධිය, අර්ථය, හිතාර්ථය. (පි. 542)

හිතකාරී

පු. අභිවෘද්ධිකාරයා, හිතානුකම්පියා. (පි. 542)

හිත්වා

අ. හැර, බැහැරකර, අත්හැර. (පි. 542)

හිතානුකම්පී

පු. හිතයෙන් අනුකම්පා කරන්නා. (පි. 542)