සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 958

හසිතුප්පාද

පු. සිනාඉපිදවීම, හිනාව උපදවන. (පි. 541)

හසීත

න. සිනාව, හිනාව. (පි. 541)

හා

අ. විෂාද, දුඃඛ, ශොක, අසසන යනාදියෙහි.
√ භු. චාගෙ, ත්‍යාගයෙහි, ජහති, අත්හරියි, පරිත්‍යාගකරයි.
√ දි. හානියං, පිරිහීමෙහි, හායති, පිරිහෙයි. (පි. 541)

හාටක

න. රත්රන් (පි. 541)

හාතබ්බ

ති. පිරිහියයුතු. (පි. 541)

හාතූන

ති. අත්හල, පරිත්‍යාගකළ, (පි. 541)

හාන

පු. පිරිහීම. (පි. 541)

හානගාමී

පු. පිරිහීමටයනසුලු. (පි. 541)

හානභාගිය

පු. පිරිහීම්පක්ෂයෙහිවූ. (පි. 541)

හානි

ඉ. හානිය, විනාශය, පිරිහීම. (පි. 541)

හාපිත

ති. විනාශවන ලද, පිරිහෙන ලද. (පි. 541)

හාපෙති

ක්‍රි. (√ දි. හා, හානියං, පිරිහීමෙහි +ණෙ+ති) පිරිහෙයි, විනාශවෙයි. (පි. 541)

හායන

න. අවුරුද්ද, සංවත්සරය, පිරිහීම, විනාශය. (පි. 541)

හාර

පු. මුතුහර, ගැනීම, ග්‍ර‍හණය. (පි. 541)

හාරක

පු. මුතුහර, ග්‍ර‍හණය කරන්නා. (පි. 541)

හාරති=හරති

ක්‍රි. (√ භු. හර, හරණෙ, හැරගැනීමෙහි +ති) හැරගනී. (පි. 541)

හාරහාරිනී

ති. ඉතාගිජු හෝ කෑදර, ගසා කන, අතිලෝභී. (පි. 541)

හාරිය

ති. හැරිය යුතු, ඉවත කටයුතු. (පි. 541)

හාලිද්ද-හලිද්දු

න. වියලිකහ, අරන්කහ. (පි. 541)

හාව

පු. ස්ත්‍රීන්ගේ ශෘඞ්ගාරභිප්‍රාවෙන් උපන් ක්‍රියාව, කාම චෙතනාවෙන්යුත් ශරීරාවයව විකාරය. (පි. 542)

හාස

පු. සිනාව, සතුට. (පි. 541)

හාසකර

පු. සිනාසෙන්නා. (පි. 541)

හාසක්ඛය

න. සිනා නැවත්වීම. (පි. 541)

හාසතිය

ති. ප්‍රීතිය හා සතුට ගෙන දෙන. (පි. 541)