අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 380
හුළු අත්ත
නා. ගිනි හුළ
හුළු එළිය
නා. හුළු අත්ත
හුළු කැඳ
නා.ප්ර. සහලින් පිසූ කැඳ
හූනා
නා. උරග ගණයට අයත් කුඩා සතකුගේ නාමය
හූනියම්
නා.ප්ර. මන්ත්ර බලයෙන් විපත් පැමිණවීම
හෘත්
නා.ප්ර. හදවත (සං. හෘත්)
හෘත්කර්ණිකාව
නා. හෘදය වස්තුවේ ශිරාවලින් ලේ පැමිණෙන කුටීර දෙක
හෘත්කෝෂිකාව
නා. හෘදයේ පහළින් පිහිටා ඇති කුටීර දෙක
හෘදය
නා. හදවත/ මනස; සිත/ ළය (සං. හෘදය)
හෘදය සාක්ෂිය
නා. සිතට එකඟ බව
හෘදයංගම
වි. හදවතින් නැඟෙන; අවංක (සං. හෘදයඞ්ගම)
හෘදයාබාධය
නා. රුධිර ධාවනය සම්බන්ධ ව හෘදයේ ඇති වන ආබාධය
හෙජමනිය
නා. ආධිපත්යය; නායකත්වය (ඉං. hegemony)
හෙණය
නා. අකුණ (ප්රා. අසණි පා. අසනි සං. අශනි)
හෙණ්ඩුව
නා. අලි ඇතුන් මෙහෙයවීමට භාවිත කරන උපකරණය
හෙරණ
නා.ප්ර. උපසම්පදා නොවූ භික්ෂූන් වහන්සේ (පා. සාමණෙර)
හෙරණපාණ
නා. උපසම්පදා නොවූ පූජනීය භික්ෂුව
හෙරලි
නා.ප්ර. පැසුණු කොස්
හෙල
නා. කන්දට වඩා පහත් වූ උස්බිම/ ප්රපාතය
හෙල්මළුව
නා. කඳු බිම්වල වී ගොවිතැන් කරන පටු ලියැද්ද
හෙල්මැලි
නා.ප්ර. දියෙහි සෑදෙන මල් විශේෂයක්; සුදු නෙලුම්
හෙලුව
නා. සෙලුව; නිරුවත
හෙවණ
නා. සෙවණ
හෙවණැල්ල
නා. සෙවණැල්ල