අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 368
සුඹුල්
නා.ප්‍ර. ගසක පොත්තට යටින් ඇති සිවිය; ගස්, ගෙඩි ආදියෙන් සූරා ගන්නා කුඩු)
සුඹුළු
නා.ප්‍ර. දරනුව; සුම්මැඩිය/ පිස්නාව; බුරුසුව (පා. චුම්බට)
සුරක්ෂිත
වි. ඉතා ආරක්ෂාකාරී (සං. සුරක්ෂිත)
සුරඟන
නා. දිව්‍යාංගනාව (සං. සුරාඞ්ගනා)
සුරදූතයා
නා. දෙවියන් වහන්සේගේ දූතයා; දේවදූතයා
සුරබිදෙන
නා. දෙව්ලොව සිටින සිතූ පැතූ දේ දෙන ගවදෙන
සුරභිධේනුව
නා. සුරබිදෙන
සුරල
නා. බෙර වාදනයේ දක්නා ලැබෙන කාලයක්
සුරසිඳු
නා.ප්‍ර. අහස් ගඟ; ආකාශ ගංගාව
සුරාංගනාව
නා. දිව්‍ය ස්ත්‍රිය; දෙවඟන (සං. සුරාඞ්ගනා)
සුරාධූර්තයා
නා. සුරා පානයට ඇබ්බැහි වූ තැනැත්තා; බේබද්දා (පා. සුරාධුත්ත)
සුරාපානය
නා. මත්පැන් බීම (සං. සුරාපාන)
සුරාම්බිකාව
නා. සුර අඹුව; දිව්‍ය ස්ත්‍රිය
සුරාසැල
නා. මත්පැන් බීමට හෝ විකිණීමට තබා ඇති ස්ථානය; තැබෑරුම
සුරාසොඬා
නා. බේබද්දා
සුරුණ්ඩි
නා.ප්‍ර. හැකිළීම; වකුටු වීම
සුරූපිනිය
නා. මනා රූ ඇති තැනැත්තිය
සුරේන්ද්‍රයා
නා. ශක්‍රයා (සං. සුරෙන්ද්‍ර)
සුරේශ්වර
නා.ප්‍ර. දිව්‍යරාජයා
සුලකළ
වි. මනා සේ අලංකාර කරන ලද (පා. සාලඞ්කත සං. ස්වලංකෘත)
සුලක්ෂණ
නා.ප්‍ර. අතිශය ශෝභාව (සං. සුලක්ෂණ)
සුලක්ෂිත
වි. හොඳින් ලකුණු වූ (සං. සුලක්ෂිත)
සුලබ
වි. පහසුවෙන් ලබා ගත හැකි (පා. සං. සුලභ)