අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 367

සුපර්ණත

නා.ප්‍ර. ගුරුළා/ කුකුළා (සං. සුපර්ණක)

සුපරීක්ෂාකාරී

වි. මනා විමසිල්ලෙන් යුත්

සුප්‍රබුද්ධ

වි. මැනවින් ප්‍රබෝධ වූ; සුව සේ නැගිටින (සං. සුප්‍රබුද්ධ)

සුප්‍රසිද්ධ

වි. ඉතා ප්‍රකට

සුපින

නා.ප්‍ර. සිහිනය (පා. සුපින)

සුපිළිපන්

වි. මනා කොට පැමිණි; මනා සේ පිළිපැදි (පා. සුපටිපන්න)

සුපුල්

වි. මනා ව පිපුණු (පා. සං. සුඵුල්ල)

සුපුෂ්පිත

වි. මනාව පිපුණු; සුපිපි (සං. සුපුෂ්පිත)

සුපේශල

වි. ඉතා දක්ෂ/ ඉතා යහපත්; මනා පැවතුම් ඇති

සුපෝෂණය

නා. මනා පෝෂණය

සුබ පැතුම

නා. සෙත් පැතීම; යහපත ප්‍රාර්ථනා කිරීම; ශුභ ප්‍රාර්ථනාව

සුබපල

නා.ප්‍ර. ශුභ ඵල (සං. ශුභඵල)

සුබාසුබ

නා.ප්‍ර. ශුභ හා අශුභ; යහපත හා අයහපත; ශුභාශුභ

සුභ

වි. යහපත්; මනා (පා. සුභ සං. ශුභ)

සුභ සාධක

වි. යහපත හෝ ශුභ සිද්ධිය ඇති කරන

සුභ සාධනය

නා. යහපත් පැවැත්මට කටයුතු කිරීම (පා. සුභසාධන)

සුභග

වි. සෞභාග්‍යවත් (පා. සුභග)

සුභසිද්ධිය

නා. යහපත; අභිවෘද්ධිය

සුභාරංචිය

නා. ශුභාරංචිය

සුභාවිත

වි. මනා සේ දියණු කළ (පා. සුභාවිත)

සුභාෂණය

නා. යහපත් කථාව

සුභාෂිත

වි. මනා සේ ප්‍රකාශිත; මොනවට කියන ලද (සං. සුභාෂිත)

සුභාසිංසනය

නා. ශුභාශංසනය

සුමධුර

වි. අතිශයින් මිහිරි වූ; අතිමධුර (සං. සුමධුර)

සුමුගුව

නා. කරඬුව; කුඩා පෙට්ටිය (පා. සමුග්ග සං. සමුද්ග)