අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 366
සුණංගුව
නා. ප්‍රමාදය (දෙ. சுணங்கு)
සුතන
නා.ප්‍ර. පුත්‍රයා; දරුවා
සුතඹු
නා.ප්‍ර. දරුවා හා බිරිය. පුත්‍රයා හා භාර්යාව
සුදන
නා.ප්‍ර. සත්පුරුෂයා (පා. සං. සුජන)
සුදර්ශන
වි. දැකීමට ප්‍රිය උපදවන; ඇසට ප්‍රිය වූ (සං. සුදර්ශන)
සුද්ධෝදන
නා.ප්‍ර. සිදුහත් කුමරුගේ පිය රජතුමා (පා. සුද්ධෝදන)
සුදුමැලි
වි. මලානික; ප්‍රසන්න බව නොමැති
සුදුරුධිරාණුව
නා. සත්ත්ව රුධිරයෙහි ඇති වර්ණක රහිත සෛලය
සුදුලූනු
නා.ප්‍ර. සුදු පැහැති ලූනු වර්ගයක්
සුදුහුනු
නා.ප්‍ර. බෙල්ලන්ගේ කටු පුලුස්සා සාදන ද්‍රව්‍යයක්
සුධාභෝජනය
නා. ඉතා රසවත් වූ ආහාරය; දිව්‍ය ආහාරය (සං. සුධාභෝජන)
සුධාරකයා
නා. ප්‍රාඥයා; දැන උගත් තැනැත්තා
සුධී ජනයා
නා. දැන උගත් ජනයා; ප්‍රාඥ ජනතාව
සුනඛයා
නා. බල්ලා (පා. සුනඛ සං. ශුනක)
සුන්නත් කිරීම
නා. ඉස්ලාම් ආගමික චාරිත්‍රයක් වශයෙන් ලිංගේන්ද්රියයේ අග සමේ කොටසක් කැපීම
සුන්නද්දූලි වෙනවා
ක්‍රි. සියල්ල විනාශ වී යනවා; සුනුවිසුනු වී යනවා
සුන්බුන්
නා.ප්‍ර. බිඳී කුඩු වී ගිය දේ; දිරාපත් ව ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස කැඩී බිඳී ගියදේ
සුනිමල
වි. ඉතා නිර්මල
සුනිල්
වි. ඉතා නිල් පැහැ වූ (සං. සුනීල)
සුනු
නා.ප්‍ර. අඹරා පිටි කරන ලද දෙය; සිහින් කුඩා/ බිත්ති ආදියෙහි ආලේප කරන හුනු (පා. චුණ්ණ සං. චූර්ණ)
සුනුවිසුනු කරනවා
ක්‍රි. කුඩුපට්ටම් කරනවා
සුනුසාල්
නා.ප්‍ර. වී කෙටීමේ දී කැබලිවලට කැඩී යන සහල්; සුන් සහල්
සුනෙර
නා. මහාමේරු පර්වතය (සං. සුනෙර)
සුපතළ
වි. ඉතා ප්‍රකට