අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 365

සීරළුවා

නා. සිවුරු හැරි තැනැත්තා/ හිකනලා

සීලය

නා. කාය හා වාක්කර්ම මනා කොට පිහිටුවන ධර්මස්මෘතිය (පා. සීල සං. ශීල)

සීහහනු

නා.ප්‍ර. සිංහයාගේ හනුව/ සිංහයාගේ හනුව බඳු වූ හනුව; මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක් (පා. සීහහනු)

සීහළ

නා.ප්‍ර. සිංහල (පා. සීහළ)

සීහළට්ඨකථා

නා.බහු. ත්‍රිපිටකයට සිංහලෙන් කළ අටුවා පොත් (පා. සීහළට්ඨකථා)

සුංගම

නා. පුරාණයෙහි අය බද්දක් හැඳින්වූ නාමය (දෙ. கங்கம்)

සුකර

වි. පහසු; පහසුවෙන් කළ හැකි (පා. සං. සුකර)

සුක්කානම

නා. රථයක ගමන් මග හසුරුවන මෙවලම (දෙ. கக்கான்)

සුකුමාල

වි. නොමේරූ; සියුමැලි (පා. සං. සුකුමාර පා. සුඛුමාල)

සුකොමල

වි. ඉතා මෘදු වූ; ඉතා සියුමැලි (සං. සුකොමල)

සුඛ

වි. යහපත්; ශෝභන (පා. සුභ සං. ශුභ)

සුඛනම්‍ය

වි. අවශ්‍ය පරිදි හැඩ ගැසෙන; පහසුවෙන් නැමෙන

සුඛය

නා. සැපය; කායික හෝ මානසික සුවය (පා. සං. සුඛ)

සුඛවිහරණය

නා. සැපවත් වාසය

සුඛාන්ත

නා. ප්‍රියජනක ව සිදු වන අවසානය (සං. සුඛාන්ත)

සුඛාවබෝධය

නා. පහසුවෙන් තේරුම් ගැනීම (සං. සුඛාවබො)

සුඛාස්වාදය

නා. සැප වින්දනය (සං. සුඛාස්වාද)

සුඛිත

වි. සැපවත්; සියලු දෙයින් පරිපූර්ණ (පා. සං. සුඛිත)

සුඛෝච්චාරණය

නා. පහසුවෙන් උච්චාරණය කිරීම

සුඛෝත්පත්තිය

නා. සුවයෙහි පහළවීම; සැපවත් ව ඉපදීම

සුඛෝපභෝගී

වි. සැප විඳීමට අවශ්‍ය; සැප පිණිස භාවිත කරන

සුගන්ධය

නා. මනා සුවඳ; යහපත් ගන්ධය (පා. සං. සුගන්‍ධ)

සුඟ

නා.ප්‍ර. ස්වල්පය වි. සිහින්; කුඩා

සුචි

වි. පවිත්‍ර; නිර්මල (පා. සුචි සං. ශුචි)