අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 364

සිසාළ

වි. වටේට කරකවන ලද; වට කළ

සිසිකැලුම්

නා.ප්‍ර. චන්‍ද්‍රකාන්තිය; සඳරැස්

සිසිලනය

නා. සිසිල් බව; සිසිල

සිසිලස

නා. සිසිල් ගුණය; සිසිල් බව

සිහල

නා.ප්‍ර. සිංහල (සං. සිංහල)

සිහසුන

නා. සිංහාසනය (සං. සිංහාසන)

සිහිනිඟ

නා. සිහින් වූ ඉඟටිය

සිහිනුවණ

නා. යහපත් කල්පනාව

සිහිබුද්ධිය

නා. සිහිය හා කල්පනාව

සිහිමඳ

වි. මඳ සිහිය ඇති/ අමතක වනසුලු

සිහිමුළාව

නා. ප්‍රකෘති සිහිය නැති වීම; සිහිමූර්ඡාව

සිහිමූර්ඡාව

නා. සිහි නැති වීම

සිහිලැල්

වි. ඉතා සිසිල්

සිහිවටනය

නා. ස්මාරකය; සිහිපත් වීමට ඇති දෙය

සිළ

1. නා.ප්‍ර. මුදුන; ශිඛාව (සං. වූඪ) 2. පහන් දැල්ල (පා. සිඛා සං. ශිඛා) 3. දිය දහර/ දොරටුව (පා. සොත සං. ශ්‍රොතස්)

සිළුමිණ

නා. චූඩාමාණික්‍යය

සිළුව

නා. පහන් දැල්ල; සිළ (පා. සිඛා සං. ශිඛා)

සීත

වි. උණුසුම අඩු; සිසිල් (පා. සීත)

සීතාම්බර

වි. නිරුවත්

සීනුව

නා. කුඩා ඝණ්ටාරයක ස්වරූපය ගත් හඬ නංවන උපකරණයක් (පුර්. sino)

සීමාතික්‍රමණය

නා. සීමාව ඉක්මවීම

සීමාතික්‍රාන්ත

වි. සීමාව ඉක්මවූ; ඉම පැනගිය

සීමාමාලකය

නා. විනයකර්ම සඳහා සම්මත කරගත් ස්ථානය

සීමැදුරු කවුළුව

නා. ප්‍රාසාදයන්හි ඇති දැල් කවුළුව; රජමාලිගයෙහි ඇති සිංහ මුඛ ආකාර කවුළුව