අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 363
සිරිපතුල
නා. ශ්‍රීපාදය; උත්තම පුරුෂයන්ගේ පාදය
සිරිපදලස
නා. ශ්‍රීපාද ලාංඡනය
සිරිවස
නා. උඩැක්කිය/ ශ්රීපතුලෙහි ඇති මංගල ලකුණක්
සිල
1. නා. සිදුර; හිල (සං. ඡිද්‍ර) 2. ගල/ පාෂාණය (පා. සිලා සං. ශිලා)
සිලම්බුව
නා. පා සලඹ/ හරකුන්ගේ කුර අසල ඇති සුදු වටය (දෙ. சிலம்பு)
සිල්ලර
වි. සාමාන්‍ය; කුඩා; සුළු (දෙ. சில்லறை)
සිලිටු
වි. මෘදු; සියුමැලි
සිලින්ඩරය
නා. ඒකාකාර හරස්කඩකින් යුත් ඝන වස්තුව; නළයක් ආකාර වූ වස්තුව (ඉං. cylinder)
සිලිල
නා.ප්‍ර. ජලය/ වලාකුළ (පා. සං. සලිල)
සිලිලාර
නා. ජලයට ආකර වූ ස්ථානය; මුහුද
සිලෝ
නා.ප්‍ර. ශ්ලෝකය/ ස්තුතිය (සං. ශ්ලොක)
සිවිකා ශාලාව
නා. ශිව ලිංගය තබා ඇති ශාලාව/ තිඹිරිගෙය (පා. සිවිකාසාලා)
සිවිකාව
නා. දෝලාව; පල්ලැක්කිය (සං. ශිවිකා පා. සිවිකා)
සිවු
වි. සතරක් වූ (පා. චකු)
සිවු සැට බරණ
නා.ප්‍ර. රජු පලඳින ආභරණ වර්ග හැට හතර
සිවුපසය
නා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන සතර (පා. චතුපච්චය)
සිවුපිළිසිඹියා
නා. අර්ථ, ධර්ම, නිරුක්ති සහ ප්‍රතිභාන යන සතරෙහි ප්රභේදගත විශේෂ ඥානය (පා. චතුපටිසම්භිදා)
සිවුමංසල
නා. සතර මංසන්ධිය
සිවුමැදුරු කවුළුව
නා. සිංහ රූපාකාර කවුළුව; සීමැදුරු කවුළුව
සිවුරඟ සෙනඟ
නා. චතුරංගනී සේනාව; සතර ආකාර සේනාව (සං. චතුරංගනීසෙනා)
සිවුරළු
වි. සිවුරු හැරියා වූ
සිවුවණක් පිරිස
නා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සතර පිරිස
සිවුවැදෑරුම්
වි. සතර ආකාර වූ; චතුර්විධ
සිවුසැට කලාව
නා. චතුෂ්ෂෂ්ටි කලාව; කලා ශිල්ප හැට හතර