අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 362
සිද්ධස්ථානය
නා. පුණ්‍ය භූමිය; වැඳුම් පිදුම් කරන ස්ථානය; පූජනීය ස්ථානය (සං. සිද්ධස්ථාන)
සිද්ධාන්තය
නා. සත්‍ය වූ නිගමනය; නිශ්චිත දෙය (සං. සිද්ධාන්ත)
සිද්ධායුර්වේදය
නා. ප්රත්යක්ෂ වූ ආයුර්වේද වෙදකම
සිද්ධාර්ථ
වි. යහපත් වන; වැඩ පිණිස හේතු වන (සං. සිද්ධාර්ථ)
සිද්ධිය
නා. සිදු වූ දෙය; සිදුවීම/ යහපත/ නිශ්චය (සං. සිද්ධි)
සිදාදිය
නා. නගරය; නගරබද ප්‍රදේශය (පුර්. cidadi)
සින්දුර
නා.ප්‍ර. රතු ඊයම්/ ගස් වර්ගයක් (සං. සින්දූර)
සින්ධුර
නා.ප්‍ර. ඇතා (සං. සින්ධුර)
සින්ධූපමාන
වි. සාගරය බඳු වූ; සයුර හා සම වූ
සින්නක්කර
වි. තනි අයිතිය ඇති
සිනිද්ධ
වි. සිනිදු (පා. සිනිද්ධ)
සිනිදු
වි. මෘදු; රළු නොවූ (සං. ස්නිග්ධ පා. සිනිද්ධ)
සිඳලනවා
ක්‍රි. කඩා දමනවා හෝ කපා දමනවා
සිඳු
නා.ප්‍ර. මුහුද/ නදිය/ ජලය (පා. සං. සින්ධු)
සිප්හල
නා. ශාස්ත්‍ර හදාරන ස්ථානය; ශිල්ප ශාලාව
සිඹිනවා
ක්‍රි. චුම්බනය කරනවා/ ගඳ සුවඳ බලනවා (සං. චුම්බති)
සියලඟ
නා. සකල ශරීරය; සියලු ඇඟ
සියලු
වි. සමස්ත; සකල (පා. සං. සකල)
සියවස
නා. අවුරුදු සියය (සං. ශතවර්ෂ)
සියුමැලි
වි. ඉතා මොළොක්; සුකුමාර
සිරස
නා. හිස (සං. ශීර්ෂ)
සිරස්තලය
නා. පුවතක මාතෘකා පාඨය; හෙඩිම
සිරස්පත
නා. බුදුපිළිමයක උණ්හීස ශීර්ෂය දක්වන ආකාරය/ නැට්ටුවන් හිසෙහි පලඳින සැරසිල්ලක්
සිරිඟර
නා.ප්‍ර. ශෘංගාර රසය (සං. ශෘඞ්ගාර)