අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 361
සෑමළුව
නා. දාගැබ් මිදුල; චෛත්‍යාංගණය
සිංචනය
නා. ද්‍රව ආදිය ඉසීම/ ශුක්‍ර තැන්පත් කිරීම (පා. සිඤ්චන)
සිංහ පඤ්ජරය
නා. සිංහ රූප යොදා කළ කවුළුව (පා. සීහපඤ්ජර)
සිංහල
නා.ප්‍ර. ආර්යයන්ගෙන් පැවතෙන ජන වර්ගයක්/ ඔවුන්ගේ භාෂාව (සං. සිංහල)
සිංහසෙය්‍යාව
නා. සිංහයකු නිදන විලාසය; දකුණැලයෙන් නිදීම (පා. සීහසෙය්‍යා)
සිංහාවලෝකනය
නා. සිංහයාගේ බැල්ම (සං. සිංහාවලොකන)
සිංහාසනය
නා. රාජාසනය; සිහසුන (සං. සිංහාසන)
සිංහාසනාරූඪ
වි. සිංහාසනයට නැඟි; රජ වූ
සිකනලා
නා. හීරළුවා
සිකපදය
නා. ශික්ෂාපදය (පා. සික්ඛාපද)
සිකි
1. නා.ප්‍ර. සකි; යහළුවා (පා. සං. සඛි) 2. මොනරා/ ශිඛාව (සං. ශිඛින්)
සිකිපිල
නා. මොනර පිල
සිඛවළඳ විනිස
නා.ප්‍ර. සිඛවළඳ නම් සිංහල විනය ග්රන්ථයට ලියූ විස්තර කථනය
සිඟාලයා
නා. නරියා (පා. සිගාල සං. ශෘගාල)
සිඟාලෝවාද සූත්‍රය
නා. සිගාල ගෘහපතියාට බුදුරදුන් දෙසූ සූත්‍රය (පා. සිඟාලොවාදසුත්ත)
සිටුකුලය
නා. සිටුවරුන්ගේ වංශය; වෛශ්‍ය කුලය (පා. සෙට්ඨිකුල)
සිත් අලවනවා
ක්‍රි. හිත් ඇදගන්නවා
සිත්කලු
වි. මනහර; මනස්කාන්ත
සිත්තැවුල
නා. සිතෙහි ඇති වන පීඩාව
සිතාසිය
නා. අධිකරණයේ පෙනී සිටින ලෙස එවන නිවේදනය (ල. citasil)
සිතැඟි
නා.ප්‍ර. සිතෙහි අදහස; හැඟීම; අභිප්‍රාය
සිතිවිලි
නා.ප්‍ර. අදහස
සිතුමිණ
නා. චින්තාමාණික්‍යය (සං. චින්තාමාණික්‍ය)
සිද්ධ
වි. සිදු වූ; ඉටු වූ; නිශ්චිත වූ (පා. සං. සිද්ධ)