අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 360

සැරසිලි

නා.ප්‍ර. අලංකාරය පිණිස සකසන දෙය

සැරිසරනවා

ක්‍රි. සංචාරය කරනවා; ඇවිදිනවා

සැල

වි. චංචල; සසල (සං. චංචල) නා. 1. ශාලාව (පා. සාලා සං. ශාලා) 2. ආරංචිය; ප්‍රකාශය

සැල කරනවා

ක්‍රි. දන්වනවා; ප්‍රකාශ කරනවා

සැලකිලි

නා.ප්‍ර. උවමනාව; අවධානය/ ගෞරවය

සැලසුම

නා. පිළිවෙළ; ආකෘතිය; ක්‍රමවේදය

සැලළිහිණි

නා.ප්‍ර. අතීතයේ දූත කාර්යයෙහි යොදවාගත් පක්ෂියකුගේ නාමය

සැල්වීනියා

නා.ප්‍ර. දිය මත වැඩෙන වල්පැළෑටි වර්ගයක්

සැලැස්ම

නා. පිළිවෙළ;/ පිඹුර

සැලුනය

නා. කෙස් හා රැවුල් කපන ස්ථානය/ රූපලාවණ්‍ය කටයුතු කරන ස්ථානය (ඉං. saloon)

සැලෙනවා

ක්‍රි. සෙලවෙනවා/ කම්පා වෙනවා/ හැලෙනවා/ සැරසෙනවා

සැවුලා

නා. කුකුළා; කුක්කුටයා (දෙ. சாவல்)

සැසඳෙනවා

ක්‍රි. එකිනෙක ගැළපෙනවා

සැසිය

නා. වාරය; රැස්වීම් වාරය (ඉං. session)

සැහැල්ලු

වි. බර අඩු; පහසු

සැහැලි

නා.ප්‍ර. ගී පද, දෙපද හා සිවුපස මිශ්‍ර කොට සැකසූ රචනාව

සැහැසි

වි. දරුණු; නපුරු (පා. සං. සාහසික)

සැහැසී

නා.ප්‍ර. ශාක්‍ය සිංහ; බුදුරදුන්

සැළ

වි. කපටි (සං. ශඨ) නා.ප්‍ර. වංචාව; රැවටීම (සං. චාට)

සැළමුතු

වි. කපටි බවෙන් මිදුණු; අවංක වූ (සං. ශඨමුක්ත)

සැළලිහිණි

නා.ප්‍ර. සැලළිහිණි

සැළිය

නා. මැටියෙන් හෝ ලෝහයෙන් හෝ කළ විශාල බඳුන; මුට්ටිය (පා. චාටී)

සෑඟණය

නා. දාගැබ් මළුව; චෛත්‍යාංගණය (පා. චෙතියඞ්ගණ)

සෑදලය

නා. අශ්වයකු පිට වාඩි වීමට යොදන අතුරණය (ල. zadel)