අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 359

සාහසික

වි. ඉක්මන්; යුහුව ක්‍රියා කරන/ දරුණු (පා. සං. සාහසික)

සාහිත්යික

වි. සාහිත්‍යයට අයත්; සාහිත්‍යමය

සාහිත්‍යධරයා

නා. සාහිත්‍යය පිළිබද මනා දැනීමක් ඇත්තා

සාහිත්‍යය

නා. භාෂාවකට හෝ විෂයයකට හෝ අයත් පොත්පත් හා නිර්මාණ සම්භාරය (සං. සාහිත්‍ය)

සාහිත්‍යෝන්නතිය

නා. සාහිත්‍යයෙහි වර්ධනය

සාළිස්

නා. හතළිහ

සාළුව

නා. සළුව; තුවාය/ හැන්ද; සරළුව

සැකිල්ල

නා. රාමුව; දළ සටහන

සැකෙවින්

ක්‍රි.වි. කෙටියෙන්; ලුහුඬින් (පා. සංඛෙප)

සැඟවෙනවා

ක්‍රි. කිසිවකුට නොපෙනෙන ලෙස සිටිනවා

සැඩ

වි. දරුණු; චණ්ඩ/වනගත (පා. සං. චණ්ඩ)

සැඩපරුෂ

වි. ඉතා දරුණු; රෞද්‍ර

සැණ

1. නා.ප්‍ර. මොහොත; ක්‍ෂණය (සං. ක්‍ෂණ) 2. සැණකෙළිය (පා. ඡණ සං. ක්‍ෂණ) 3. හණ

සැණකෙළිය

නා. විනෝදය සඳහා පවත්වන ප්‍රීති උත්සවය; මේලාව (පා. ඡණකීලා සං. ක්‍ෂණ ක්‍රීඩා)

සැණෙකින්

ක්‍රි.වි. මොහොතකින්; ක්‍ෂණයකින්

සැඬොල්

නා.ප්‍ර. චණ්ඩාල කුලය (පා. සං. චණ්ඩාල)

සැත

1. නා. ආයුධය; ශල්‍යකර්ම සඳහා භාවිත සියුම් උපකරණය/ සන්නාහය (සං. ශස්ත්‍ර) 2. කුඩය; ඡත්‍රය (පා. සං. ඡත්‍ර)

සැද

නා. සන්නාහය/ සෑදලය/ ශ්‍රද්ධාව

සැනසිල්ල

නා. අස්වැසිල්ල

සැනසෙනවා

ක්‍රි. සිත අස්වැසිලි ස්වභාවයට පත් කර ගන්නවා

සැපිනි

නා.ප්‍ර. ‘සර්පයා’ යන්නෙහි ස්ත්‍රී ලිංග පදය

සැබි

වි. සභ්‍ය; ශිෂ්ට (සං. සභ්‍ය)

සැරපරුෂ

වි. නපුරු; චණ්ඩ