අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 358
සාමුද්රිකා
නා.ප්ර. අෂ්ටාදශ ශිල්පයන්ගෙන් එකක්; ශරීර ලක්ෂණ බලා පලාපල කීම (සං. සාමුද්රිකා)
සාමුද්රිකා ශාස්ත්රය
නා. ශරීර ලක්ෂණ බලා පලාපල කියන ශාස්ත්රය
සායනය
නා. රෝගීන් පරීක්ෂා කරන ස්ථානය
සාරගර්භ
වි. සාරවත් අදහස් ගැබ් කළ
සාරණ
නා.ප්ර. සිහි කිරීම; මතක් කිරීම/ එනම් පැළෑටි විශේෂය
සාරථියා
නා. රථ පදවන්නා; රියැදුරා (පා. සං. සාරථී)
සාරධර්ම
නා.ප්ර. හරයක් ඇති පැවැත්ම; චර්යාධර්මය
සාර්ථක
වි. සඵල; ප්රයෝජනවත් (සං. සාර්ථක)
සාර්ථවාහක
නා. ගැල්වලින් ප්රදේශයෙන් ප්රදේශයකට ගොස් බඩු විකුණන සමූහයේ නායකයා (සං. සාර්ථවාහ)
සාර්වත්ර
වි. සියල්ලට ම අදාළ (සං. සර්වත්ර)
සාර්වත්රික
වි. මුළු විශ්වයට ම පොදු (සං. සාර්වත්රික)
සාර්වභෞම
වි. මුළු පොළොවට ම අධිපති වූ/ මුළු ලොවට ම අයත් (සං. සාර්වභෞම)
සාරාංශය
නා. සංක්ෂිප්තය; සාරවත් කොටස
සාරාණීය
වි. සිහි කළ යුතු (පා. සාරාණීය)
සාරාර්ථය
නා. සාරය වශයෙන් ඇති අරුත; පරමාර්ථය (සං. සාරාර්ථීන්)
සාරාසංඛ්ය
නා. අසංඛ්ය සතර
සාලම්බන
වි. අරමුණු සහිත (සං. සාලම්බන)
සාලය
නා. විසිත්ත කාමරය වි. ආදරය සහිත
සාලවනය
නා. සල් රුක් සහිත කැලෑව (පා. සං. සාලවන)
සාලුක
නා.ප්ර. ඕලු/ මානෙල් අල (සං. ශාලුක)
සාලුව
නා. තුවාය (ඉං. shawl)
සාවඥ
වි. නින්දා සහගත
සාවද්ය
වි. වැරදි සහිත වූ (සං. සාවද්ය)
සාවධානය
නා. මනා අවධානය; අවධානය සහිත බව (සං. සාවධාන)
සාසනය
නා. අනුශාසනාව; අවවාදය/ බුදුරජාණන් වහන්සේ විසින් ප්රතිෂ්ඨාපිත සසුන (පා. සාසන සං. ශාසන)