බුද්ධදත්ත පාලි අකාරාදිය – 1

අංස

පු. න. උරහිස; කොටස; පැත්ත.

අංසකූට

න. උරහිස.

අංසබන්ධන

න. උරහිසේ එල්ලන පටිය.

අංසු

පු. කෙන්ද; රශ්මිය.

අංසුක

න. වස්ත්‍රය.

අංසුමාලි

පු. සූර්‍යයා.

අකට

3. නො කළ.
නො සෑදූ.

අකත

නො සැදූ; 3. නො කළ.

අකතඤ්ඤු

3. අකෘතඥ; කෙළෙහි ගුණ නො දත්.

අකම්පිය

3. අකම්ප්‍ය; සෙලෙවිය නොහැකි.

අකරණ

න. නො කිරීම.

අකරණීය

3. නො කටයුත්ත.
න. නො කළයුත්ත.

අකරොන්ත

3. නො කරන; නො කරමින්.

අක්ක

පු. වරාගස; සූර්යයා.

අක්කත්ත

3. මඩින ලද; පෑගූ.

අක්කමති

(ආ+කමු+අ) කඩයි; පාගයි; යටපත් කරයි.

අක්කමන

න. පෑගීම; මැඩීම.

අක්කුට්ඨ

3. අක්‍රෝශ ලැබූ.

අක්කොච්ඡි

(ආ+කුස+ඊ) අක්‍රෝශ කළේය; නින්දා කළේය.

අක්කොස

පු. ජාති ආදිය ගටා කරන අපහාසය.

අක්කොසක

3. අක්‍රෝශ කරන්නා.

අක්කොසති

(ආ+කුස+අ) අක්‍රෝශ කෙරේ; ජාති ආදිය ගටා අපහාසය කෙරේ.

අක්ඛ

න. ඇස ආදි ඉන්ද්‍රිය පස.
පු. කල‍ඳෙන් 1/8 ක කොටස; දාදු කැටය; පස ඇටය; රථරෝද සම්බන්ධ කරන අලවංගුව.

අක්ඛක

පු. න. අකු ඇටය; උරහිස.