බුද්ධදත්ත පාලි අකාරාදිය – 184

ඔසිඤ්චිත්වා

පූ.ක්‍රි. ඉසලා; වත්කොට.

ඔසිඤ්චිය

පූ.ක්‍රි. ඉසලා.
පූ.ක්‍රි. වත්කොට.

ඔසිත්ත

3. ඉසින ලද; වත් කළ.

ඔසීදති

(අව+සීද+අ) ගිලා බසී.

ඔසීදන

න. ගිලා බැසීම.

ඔසීදන්ත

3. ගිලා බසින; ගිලා බසිමින්.

ඔසීදමාන

3. ගිලා බසිමින්.
3. ගිලා බසින.

ඔසීදාපන

න. ගිල්ලවීම; ගිලා බැස්සවීම.

ඔසීදාපිත

න. ගිලා බැස් වූ.

ඔසීදාපිය

පූ.ක්‍රි. ගිල්ලවා.

ඔසීදාපෙත්වා

පූ.ක්‍රි. ගිල්ලවා.

ඔසීදාපෙති

(අව+සිද+ණාපෙ) ගිල්වයි.

ඔසීදාපෙන්ත

3. ගිල්ලවමින්; ගිල්වන.

ඔසීදිත්වා

පූ.ක්‍රි. ගිලා බැස.

ඔසීදිතුං

නි. ගිලා බසින්නට.

ඔහරති

(අව+හර+අ) ඉවත් කරයි; ගෙන යයි.

ඔහාය

පූ.ක්‍රි. හැර දමා.

ඔහාරණ

න. ඉවත් කිරීම; බූ ගා දැමූ.

ඔහිත

3. ඇතුළේ දැමූ; බහා තැබූ; සැඟවුණු.

ඔහීන

3. අන්‍යයන් හා නො ගොස් නැවතුණු.

ඔහීයක

3. අන්‍යයන් හා නො ගොස් නවතින්නා.

ඔහීයති

(අව+හි+ය) අන්‍ය්‍යන් හා නො ගොස් නවතී.

ඔහීයන

න. නො ගොස් නැවතීම.

ඔහීයන්ත

3. නො ගොස් නවතින; නො ගොස් නවතිමින්.