බුද්ධදත්ත පාලි අකාරාදිය – 274

ඡින්නනාස

3. කැපූ නාසා ඇති.

ඡින්නභත්ත

3. ආහාර ගන්ට නො ලැබුණු; සුන්බත් වූ.

ඡින්නවත්ථ

3. උදුරාගත් වස්ත්‍ර ඇති.

ඡින්නහත්ථ

3. කැපූ අත් ඇති.

ඡින්නාස

3. කඩ වූ බලාපොරොත්තු ඇති.

ඡින්නිරියාපථ

3. කොරා; යාම් ඊම් ආදිය නොකළ හැකි.

ඡුද්ධ

3. ඉවත දැමූ.

ඡුපති

(ඡුප+අ) ස්පර්ශ කෙරේ.

ඡුපන

න. ස්පර්ශ කිරීම.

ඡුපිත්වා

පූ.ක්‍රි. ස්පර්ශ කොට.

ඡූරිකා

ඉ. කිරිච්චිය.

ඡෙක

3. දක්ෂ වූ; දක්ෂයා.

ඡෙකතා

ඉ. දක්ෂබව.

ඡෙජ්ජ

3. අත් පා ආදිය කැපීමෙන් දඬුවම් කිරීම; කැපිය යුතු; සිඳිය හැකි.

ඡෙත්තබ්බ

3. කැඩිය යුතු; කැපිය යුතු.

ඡෙත්තු

පු. කඩන්නා; කපන්නා.

ඡෙත්තුං

නි. කඩන්ට; කපන්ට.

ඡෙත්වා

පූ.ක්‍රි. කඩා; කපා; සිඳ දමා.

ඡෙත්වාන

පූ.ක්‍රි. කඩා; කපා; සිඳ දමා.

ඡෙද

පු. කැඩීම; කැපීම.

ඡෙදක

3. කඩන්නා; කපන්නා.

ඡෙදන

න. කැඩවීම; කැඩීම; කැපීම.

ඡෙදාපන

න. කැප්පවීම.

ඡෙදාපෙත්වා

පූ.ක්‍රි. කඩ්ඩවා; කප්පවා.