බුද්ධදත්ත පාලි අකාරාදිය – 273

ඡාහ

න. සයදවස.

ඡිග්ගල

න. සිදුර.

ඡිජ්ජති

(ඡිද+ය) කපනු ලැබේ; කැඩේ; කැපේ.

ඡිජ්ජන්ත

3. සිඳිනු ලබන; සිඳිනු ලබමින්.

ඡිජ්ජමාන

3. සිඳිනු ලබන; සිඳිනු ලබමින්.

ඡිජ්ජිත්වා

පූ.ක්‍රි. කැඩී; කැපී.

ඡිජ්ජිය

පූ.ක්‍රි. කැඩී; කැපී.

ඡිද

3. කඩන; සිඳින.

ඡිද්ද

3. සිදුරු ඇති.
න. දෝෂය; සිදුර.

ඡිද්දක

3. සිදුරු ඇති.

ඡිද්දගවෙසී

3. දොස් සොයන්නා; සිදුරු සොයන්නා.

ඡිද්දාඡිද්ද

3. කුඩා මහත් සිදුරු වලින් යුත්.

ඡිද්දිත

3. විදින ලද; සිදුරු කළ.

ඡින්දති

(ඡිදි+ංඅ) කඩා දමයි; කපයි; සිඳියි.

ඡින්දනක

3. කඩන; කපන.

ඡින්දන්ත

3. කඩමින්; කපමින්; සිඳින.

ඡින්දමාන

3. කඩමින්; කපමින්; සිඳින.

ඡින්දාපෙති

(ඡිදි+ං‍අ+‍ණාපෙ) කප්පවයි; සින්දවයි.

ඡින්දිත

3. කපන ලද; කැඩූ.

ඡින්දිතබ්බ

3. කැපිය යුතු.

ඡින්දිත්වා

පූ.ක්‍රි. කඩා; කපා; සිඳ දමා.

ඡින්දිතුං

නි. කඩන්ට; කපන්ට.

ඡින්දිය

පූ.ක්‍රි. කඩා; කපා; සිඳ දමා.
3. කැඩිය හැකි; කැපිය හැකි.

ඡින්න

3. කැඩූ; කැපූ.