බුද්ධදත්ත පාලි අකාරාදිය – 277

ජනපදචාරිකා

ඉ. ජනපදයෙහි ඇවිදීම.

ජනසම්මද්ද

පු. මිනිසුන් රැස්වී තෙරපීම.

ජන්තාඝර

න. ගිනිහල් ගෙය.

ජන්තු

පු. මිනිසා; සත්වයා; සතා.

ජනාධිප

පු. රජ.

ජනිකා

ඉ. උපද්වන්නී; මව.

ජනිත

3. ඉපද වූ.

ජනෙත්තී

ඉ. මව.

ජනෙත්වා

පූ.ක්‍රි. උපදවා.

ජනෙති

(ජන+ණෙ) උපදවයි.

ජනෙතු

පු. උපදවන්නා.

ජනෙන්ත

3. උපදවන; උපදවමින්.

ජප

පු. නැවත නැවත කීම; මැතිරීම.

ජපති

(ජප+අ) කියයි; මතුරයි.

ජපන

කීම; මැතිරීම; රහස් කීම.

ජප්පන

කීම; මැතිරීම; රහස් කීම.

ජප්පනා

ඉ. කීම; තෘෂ්ණාව.

ජප්පා

ඉ. කීම; තෘෂ්ණාව.

ජපා

ඉ. වදමල්.

ජම්බාලි

ඉ. අපිරිසිදු දේ එක්වන තැන; ගවරවළ.

ජම්බීර

පු. දොඩම් (ගස).

ජම්බු

ඉ. දඹ ගස.

ජම්බුක

පු. නරියා; හිවලා.

ජම්බුදීප

පු. දඹදිව.