බුද්ධදත්ත පාලි අකාරාදිය – 278

ජම්බුපක්ක

න. දඹ ගෙඩිය (ඉදුණු).

ජම්බුපෙසි

ඉ. දඹ පෙත්ත.

ජම්බුරුක්ඛ

පු. දඹ ගස.

ජම්බුසණ්ඩ

පු. දඹගස් කැටිය.

ජම්බොනද

න. ජම්බු නදියෙහි හටගත් රන්.

ජම්භති

(ජභි+ංඅ) ඇඟගසා දමයි; ඈනුම් අරියි.

ජම්භනා

ඉ. උත්සාහවත් කිරීම; ජෘම්භනය.

ජම්ම

3. නීච; පහත්; පු. නීචයා.

ජය

පු. ජය ගැන්ම; දිනීම.

ජයග්ගහ

පු. ජය ගැන්ම.

ජයග්ගාහ

පු. ජය ගැන්ම.

ජයති

(ජි+අ) ජයගනී.

ජයපාන

න. යුද්ධයකින් ජයගෙන කරන උත්සවය.

ජයම්පති

පු. භාර්යාව හා ස්වාමිපුරුෂයා.

ජයසුමන

න. බඳුවද මල්.

ජයාපති

ඉ. භාර්යාව හා පුරුෂයා.

ජර

3. මහලු.
පු. උණ රෝගය.
3. දිරාගිය; පරණ වූ.

ජරග්ගව

පු. මහලු ගවයා.

ජරතා

ඉ. දිරන බව; දිරායාම; මහලු බව.

ජරසක්ක

පු. මහලු ශක්‍රයා.

ජරා

ඉ. ජරාව; දිරීම; මහලු වයස.

ජරාජජ්ජර

3. මහලු වයසින් දිරාගිය.

ජරාජිණ්ණ

3. ජරාවෙන් දිරාගිය.

ජරාදුක්ඛ

න. දිරීම නිසා ඇති දුක.