බුද්ධදත්ත පාලි අකාරාදිය – 279

ජරාධම්ම

3. දිරන හෝ මහලු වන ස්වභාව ඇති.

ජරාභය

න. දිරීම නිසා ඇතවන භය.

ජල

න. ජලය; දිය.

ජලචර

3. දියෙහි හැසිරෙන; පු. මත්ස්‍යයා.

ජලජ

3. දියෙහි හටගත්.
පු. මත්ස්‍යයා.
න. පියුම.

ජලති

(ජල+අ) දැල් වේ; දිලිසේ; බබළයි.

ජලද

3. දියෙ දෙන; පු. මේඝය.

ජලධර

පු. මේඝය; වලාකුළ.

ජලධි

පු. මුහුද.

ජලන

න. දැල්වීම; දිලිසීම; බැබළීම.

ජලන්ත

3. දැල්වෙන; දිලිසෙන.

ජලනිග්ගම

පු. දිය බැස යන සොරොව් ආදිය.

ජලනිධි

පු. මුහුද.

ජලමාන

3. දැල්වෙන; දිලිසෙන.

ජල්ල

න. තෙත්වූ කුණු තට්ටුව (ඇ‍ෙඟ්).

ජල්ලිකා

ඉ. කුණු තට්ටුව; ගැලවී යන පතුරු.

ජලාධාර

පු. දිය රැස්කොටත තිබෙන වැව් ටැන්කි ආදිය.

ජලාබු

පු. ගර්භාසය; වැදෑමස.

ජලාබුජ

3. ගරභාසයෙහි උපන්; මවු කුසින් උපන්.

ජලාලය

පු. දිය රැස්වීමට ආධාර වූ වැව් ආදිය.

ජලාසය

පු. දිය රැස්වීමට ආධාර වූ වැව් ආදිය.

ජලිත

3. ගිනිදැල් ඇති; දැල්වුණු; දිලිසෙන.

ජලිත්වා

පූ.ක්‍රි. දිලිසී.

ජලූකා

ඉ. කූඩැල්ලා.