බුද්ධදත්ත පාලි අකාරාදිය – 280
ජව
පු. වේගය.
ජවති
(ජු+අ) දුවයි.
ජවන
න. ජවන සිත; දිවීම.
ජවන්ත
3. දුවන; දුවමින්.
ජවනිකා
ඉ. තිරය.
ජවමාන
3. දුවන; දුවමින්.
ජවිතුං
නි. දුවන්ට.
ජහ
3. දුරුකරන.
ජහති
(හා+චාගෙ) අත් හරියි; දුර කරයි.
ජහන්ත
3. දුරු කරන; හැර දමමින්.
ජහාති
(හා+චාගෙ) අත් හරියි; දුරු කරයි.
ජහිත
3. දුරු කළ; හැර දැමූ.
ජහිතබ්බ
3. දුරු කළ යුතු.
ජහිත්වා
පූ.ක්රි. හැර දමා.
ජහිතුං
නි. දුරු කරන්ට; හැර දමන්ට.
ජහීයති
(හා+ඊ+ය) දුරු කරනු ලැබේ; හැර දමනු ලැබේ.
ජළ
3. ඉතා අඥාන වූ; ජඩ වූ.
ජාගර
3. නො නිදා සිටින; පිබිදී සිටින.
ජාගරති
(ජාගර+අ) නිදි දුරු කරයි; පිබිදී සිටියි.
ජාගරන
න. නිදි වැරීම; නො නිදා හිඳීම.
ජාගරිත
න. නිදි වැරීම; නො නිදා සිටීම; ප්රබෝධය.
ජාගරිය
න. නිදි වැරීම; නො නිදා සිටීම; ප්රබෝධය.
ජාගරියානුයොග
පු. නිදි වැරීමෙහි යෙදීම.
ජාගරොති
(ජාගර+ඔ) නිදි දුරු කරයි; පිබිදී සිටියි.