බුද්ධදත්ත පාලි අකාරාදිය – 281

ජාණු

පු. දණහිස.

ජාණුමත්ත

3. දණක් පමණ උසැති.

ජාත

3. උපන්; වූ; හටගත්.

ජාතක

න. උත්පත්තිය; ජාතක කථාව.
3. උපන්; හටගත්.

ජාතකභාණක

පු. ජාතකයන් දේශනා කරන්නා.

ජාතත්ත

න. උපන් බව.

ජාතදිවස

පු. උපන් දවස.

ජාතරූප

න. රන්.

ජාතවෙද

පු. ගින්න.

ජාතස්සර

පු. න. ස්වභාවික විල.

ජාති

ඉ. ඉපදීම; කුල; වර්ගය.

ජාතික

3. ඉපදීම් ඇති; ජාතියකට අයත්; වර්ගයට අයත්.

ජාතික්ඛය

පු. ඉපදීම නැති කිරීම.

ජාතික්ඛෙත්ත

න. ඉපදීමට අයත් ප්‍රදේශය.

ජාතිකොස

පු. වසාවාසි.

ජාතිත්ථද්ධ

3. කුලය නිසා උඬගු වූ.

ජාතිනිරොධ

පු. ඉපදීම නැති වීම.

ජාතිඵල

න. සාදික්කා.

ජාතිමත්තු

3. උසස් කුල ඇති.

ජාතිවාද

පු. කුල පිළිබඳ ධර්මය.

ජාතිසම්පන්න

3. උසස් කුලැති.

ජාතිස්සර

3. පූර්ව ඉපදීම සිහි කරන.

ජාතිසුමනා

ඉ. දෑසමන් පිච්ච මල්.

ජාතිහිඞ්ගුලක

පු. රත්සිරියල්.