බුද්ධදත්ත පාලි අකාරාදිය – 337

දෙවකුසුම

න. කරාබුනැටි.

දෙවගණ

පු. දෙවි සමූහය.

දෙවච්ඡරා

ඉ. දෙවඟන.

දෙවචාරිකා

ඉ. දෙව්ලොව ඇවිදීම.

දෙවඤ්ඤතර

පු. අප්‍රකට දෙවියෙක්.

දෙවට්ඨාන

න. දෙවියන් පුදන තැන; දේවස්ථානය; දේවාලය.

දෙවත්ත

න. දෙවි බව.

දෙවත්තන

න. දෙවි බව.

දෙවත්තභාව

පු. දිව්‍ය ශරීරය; දිව්‍යාත්ම භාවය.

දෙවතා

ඉ. දෙවියා; දේවතාවා.

දෙවදත්තික

3. දෙවියන් දුන්.

දෙවදත්තිය

3. දෙවියන් දුන්.

දෙවදාරු

පු. දේවදාර ගස.

දෙවදුන්දුභි

පු. ඉ. මේඝ නාදය.

දෙවදූත

පු. දෙවියන්ගේ දූතයා.

දෙවදෙව

පු. දෙවියන්ගේ දෙවියා; බුදුරද.

දෙවධම්ම

පු. දෙවියන්ගේ ධර්මය; පවට ලජ්ජාව හා භය.

දෙවධීතු

ඉ. දෙව් දුව.

දෙවනගර

න. දෙවියන්ගේ නුවර.

දෙවනිකාය

පු. දෙවි සමූහය.

දෙවපරිසා

ඉ. දෙවි පිරිස.

දෙවපුත්ත

පු. දේව පුත්‍රයා.

දෙවපුර

න. දෙවි නුවර.

දෙවභවන

න. දෙව් විමන.