බුද්ධදත්ත පාලි අකාරාදිය – 336

දුහිත්වා

පූ.ක්‍රි. දොවා (කිරි); දොවාලා.

දුහිතු

ඉ. දුව; දූ.

දූත

පු. නියෝජිතයා; පණිවුඩ ගෙන යන්නා.

දූතී

ඉ. පණිවුඩ ගෙන යන්නී.

දූතෙය්‍ය

න. පණිවුඩ ගෙන යාම.
න. දූත කර්මය.

දූර

3. දුර වූ.
න. දුර තැන.

දූරඞ්ගම

3. දුරට යන.

දූරත්ත

න. දුර බව.

දූරතො

නි. දුරදී; දුරින්.

දූසක

3. කෙලෙසන්නා.

දූසන

න. අපවිත්‍ර කිරීම; කිලිටි කිරීම; කෙලෙසීම.

දූසිත

3. කෙලෙසන ලද; දූෂිත වූ.

දූසෙත්වා

පූ.ක්‍රි. කෙලෙසා.

දූසෙති

(දූස+ණෙ) කෙලෙසයි; දූෂණය කරයි.

දූසෙන්ත

3. කෙලසන; කෙ‍ලසමින්.

දූහක

3. අකෘතඥයා; ද්‍රෝහ කරන්නා.

දූහන

3. දූෂ්‍ය කිරීම.

දෙඩ්ඩුහ

පු. දිය බරණා; දිය සර්පයා.

දෙණ්ඩිම

පු. බෙර වර්ගයක්.

දෙතුං

නි. දෙන්ට.

දෙව

පු. අහසු; දෙවියා; දේවතාවා; රජ; වැස්ස.

දෙවකඤ්ඤා

ඉ. දෙව් කුමරිය.

දෙවකාය

පු. දේව සමූහය.

දෙවකුමාර

පු. දෙව් කුමරා.