බුද්ධදත්ත පාලි අකාරාදිය – 344
ධම්මසංවිභාග
පු. ධර්මය බෙදා දීම.
ධම්මසමාදාන
න. ධර්මය පිළිගැනීම හෝ පිළිපැදීම.
ධම්මසරණ
3. ධර්මය පිහිට කොට ඇති.
ධම්මසවණ
න. බණ ඇසීම.
ධම්මස්සාමී
පු. ධර්ම ස්වාමී; බුදුරද.
ධම්මසාකච්ඡා
ඉ. ධර්මය ගැන කථාබස් කිරීම.
ධම්මසාලා
ඉ. බණ දෙසන ශාලාව.
ධම්මසෙනාපති
පු. දම් සෙනෙවි තුමා; සැරියුත් මහතෙර.
ධම්මසොණ්ඩ
3. ධර්මයට ලොල් වූ.
ධම්මාදාස
පු. ධර්මය නැමැති කැඩපත.
ධම්මාධාර
3. ධර්මය පිහිටීමට ආධාර වූ.
ධම්මාධිපති
3. ධර්මය අධිපති කොට ඇති.
ධම්මානුධම්ම
3. ධර්මයට අනුකූල වූ.
ධම්මානුවත්තී
3. ධර්මයට අනුව හැසිරෙන්නා.
ධම්මානුසාරී
3. ධර්මයට අනුව හැසිරෙන්නා.
ධම්මාභිසමය
පු. ධර්මාවබෝධය.
ධම්මාමත
න. ධර්මය නැමැති අමෘතය.
ධම්මාරාම
3. ධර්මයෙහි ඇලුම් ඇති.
ධම්මාසන
න. බණ දෙසීමට ආසනය.
ධම්මික
3. ධාර්මික වූ; යුක්තියෙහි පිහිටි.
ධම්මිල්ල
පු. කොණ්ඩය.
ධම්මීකථා
ඉ. ධර්මය පිළිබඳ කථාව.
ධමාපෙති
(ධමු+ණාපෙ) පිඹින්ට සලස්වයි.
ධමිත්වා
පූ.ක්රි. පිඹ; පිඹලා.