බුද්ධදත්ත පාලි අකාරාදිය – 434

පරිතො

නි. හාත්පසින්.

පරිතොසෙති

(පරි+‍තුස+ණෙ) සතුටුකරවයි.

පරිදහති

(පරි+දහ+අ) අඳියි; ඇඳගනී.

පරිදහන

න. හැඳගැන්ම.

පරිදහිත

3. හැඳගත්.

පරිදහිත්වා

පූ.ක්‍රි. හැඳගෙන.

පරිද්දව

පු. විලාපකීම.

පරිදීපක

3. දක්වන; ප්‍රකාශ කරන; විස්තර කරන.

පරිදීපන

ඉ. දැක්වීම; විස්තර කිරීම.

පරිදීපනා

න. දැක්වීම; විස්තර කිරීම.

පරිදීපිත

3. දැක් වූ; විස්තරකළ.

පරිදීපෙත්වා

පූ.ක්‍රි. ප්‍රකට කොට දක්වා.

පරිදීපෙති

(පරි+දීප+ණෙ) ඉතා පැහැදිලිකරයි; ප්‍රකට කොට දක්වයි.

පරිදූසෙති

(පරි+දූස+ණෙ) සම්පූර්ණයෙන් දූෂණය කරයි.

පරිදෙව

පු. විලාපකීම.

පරිදෙවති

(පරි+දෙවු+අ) විලාප කියයි; හඬයි.

පරිදෙවන්ත

3. විලාප කියන; විලාප කියමින්.

පරිදෙවනා

ඉ. විලාපකීම.

පරිදෙවමාන

3. විලාප කියන; විලාප කියමින්.

පරිදෙවිත

න. විලාපය.

පරිදෙවිත්වා

පූ.ක්‍රි. විලාප කියා; හඬා.

පරිධංසක

පු. අගුණ කියන්නා; විනාශ කරන්නා.

පරිධාවති

(පරි+ධාවු+අ) හාත්පස දුවයි.

පරිධාවිත්වා

පූ.ක්‍රි. හාත්පස දුවලා.