බුද්ධදත්ත පාලි අකාරාදිය – 435

පරිධොත

3. පිරිසිදු කළ; සේදූ.

පරිධොවති

(පරි+ධොවු+අ) පිරිසිදු කරයි; සෝදයි.

පරිනායක

පු. අධිපතියා; නායකයා.

පරිනිට්ඨාන

න. අවසානය.

පරිනිට්ඨාපෙති

(පරි+නි+ඨා+ණාපෙ) අවසාන කරයි; නිමාවට පමුණුවයි.

පරිනිට්ඨිත

3. නිම වූ; වැඩ අවසන්කළ.

පරිනිබ්බාති

(පරි+නි+වා+ය) නැවත නූපදින සේ මරණයට පත්වේ; පරිනිවේ; සසර දුකින් මිදේ.

පරිනිබ්බාන

න. පිරිනිවීම; රහතුන්ගේ මරණය; සම්පූර්ණ සැනසීමට පත් වීම; සසර දුකින් නිදහස් වීම.

පරිනිබ්බාපන

න. සම්පූර්ණයෙන් නිවීම හෝ සිසිල් කිරීම.

පරිනිබ්බායති

(පරි+නි+වා+ය) නැවත නූපදින සේ මරණයට පත්වේ; පිරිනිවේ; සසර දුකින් මිදේ.

පරිනිබ්බායි

3. පිරිනිවන් පාන්නා; සම්පූර්ණ සැනසීම ලබන්නා.

පරිනිබ්බුත

3. නිවණට පැමිණි; පිරිනිවුණු.

පරිපක්ක

3. අභිවෘද්ධියට පැමිණි; මේරූ; මෝරාගිය.

පරිපටති

(පරි+පත+අ) බිඳ වැටේ; වැටේ.

පරිපතති

(පරි+පත+අ) බිඳ වැටේ; වැටේ.

පරිපන්ථ

පු. අනතුර; උවදුර; බාධාව.

පරිපන්ථික

3. බාධාකරන; විරුද්ධ වූ.

පරිප්ඵුට

3. පිරී ඉතිරී ගිය; සෑමතැන පැතිර ගිය.

පරිප්ඵොසෙති

(පරි+ඵුස+ණෙ) ඉසියි.
(පරි+ඵුස+ණෙ) අනිකක් මත විසුරුවයි.

පරිප්ලව

3. අස්ථිර වූ; චඤ්චල වූ.

පරිප්ලවති

(පරි+ප්ලව+අ) කම්පාවේ; වෙවුලයි.

පරිපාචන

න. මෝරන්නට සැලැසීම; සම්පූර්ණ කිරීම.

පරිපාචිත

3. මෝරවන ලද; සම්පූර්ණ කළ.

පරිපාචෙති

(පරි+පච+ණෙ) අභිවෘද්ධියට පමුණුවයි; මෝරවයි.