බුද්ධදත්ත පාලි අකාරාදිය – 436

පරිපාතෙති

(පරි+පත+ණෙ) පහරදෙයි; විනාශ කරයි; හෙළයි.

පරිපාලිත

3. රක්නා ලද.

පරිපාලෙති

(පරි+පාල+ණෙ) පාලනය කරයි; රකියි.

පරිපීළිත

3. පෙළුණු; වෙහෙසනු ලැබූ.

පරිපුච්ඡක

3. ප්‍රශ්න අසන්නා; විමසන්නා.

පරිපුච්ඡති

(පරි+පුච්ච+අ) ප්‍රශ්න කරයි; විචාරයි.

පරිපුච්ඡා

ඉ. ප්‍රශ්න කිරීම; විචාරීම.

පරිපුච්ඡිත්වා

පූ.ක්‍රි. විචාරා.

පරිපුණණතා

ඉ. පිරුණු බව.

පරිපුණ්ණ

3. පිරුණු; සම්පූර්ණ වූ; සමෘද්ධ වූ.

පරිපුණ්ණතා

ඉ. සම්පූර්ණ බව.

පරිපූර

3. පිරුණු.

පරිපූරක

3. පුරවන; සම්පූර්ණ කරන්නා.

පරිපූරකාරී

3. සම්පූර්ණ කරන්නා.

පරිපූරති

(පරි+පූර+අ) පිරේ; සම්පූර්ණ වේ; සමෘද්ධ වේ.

පරිපූරිත

3. පිරවූ; පිරූ; සම්පූර්ණ කළ.

පරිපූරෙත්වා

පූ.ක්‍රි. පුරවා; පුරා; සම්පූර්ණ කොට.

පරිපූරෙති

(පරි+පූර+ණෙ) පුරවයි; සම්පූර්ණ කරයි.

පරිපූරෙතුං

නි. පුරන්ට; පුරවන්නට; සම්පූර්ණ කරන්නට.

පරිඵන්දති

(පරි+ඵන්ද+අ) කම්පාවේ.

පරිබ්බජති

(පරි+වජ+අ) තැන තැන ඇවිදියි.

පරිබ්බය

පු. වියදම; වියදමට ඕනෑ දෙය.

පරිබ්බාජක

පු. ඇවිදින ශ්‍රමණයා; පරිව්‍රාජකයා.

පරිබ්බාජිකා

ඉ. ඇවිදින මෙහෙණිය.