බුද්ධදත්ත පාලි අකාරාදිය – 515

භෙදක

3. බිඳින්නා; වෙන් කරන්නා.

භෙදකර

3. භේද ඇති කරන.

භෙදන

න. බිඳීම; විනාශය; වෙන්වීම.

භෙදනක

3. බින්දවන.

භෙදනධම්ම

3. බි‍ඳෙන ස්වාභාව ඇති.

භෙදනපරියන්ත

බිඳීම අවසන් කොට ඇති.

භෙදාපෙත්වා

පූ.ක්‍රි. බින්දවා; භේද කරවා.

භෙදාපෙති

(භිද+ණාපෙ) බින්දවයි.

භෙදිත

3. බිඳින ලද; වෙන් කරනු ලැබූ.

භෙදෙත්වා

පූ.ක්‍රි. භේදකරවා.

භෙදෙති

(භිද+ණෙ) බින්දවයි; භේදකරවයි.

භෙරණ්ඩ

පු. නරයා; හිවලා.

භෙරණ්ඩක

න. හිවල් නාදය.

භෙරව

3. භය එළවන.

භෙරවසද්ද

පු. භය ජනක ශබ්දය.

භෙරි

ඉ. බෙරය.

භෙරිචාරණ

න. බෙරගස්වා දැනුම් දීම; බෙරහැසිර වීම.

භෙරිතල

න. බෙර ඇස.

භෙරිවාදක

පු. බෙර ගසන්නා.

භෙරිවාදන

න. බෙරවැයීම.

භෙරිසද්ද

පු. බෙර හඬ.

භෙසජ්ජ

න. බෙහෙත් කැවීම.

භෙසජ්ජකපාලක

න. බෙහෙත් කබල.

භෙස්ම

3. භය එළවන; භයානක දෙය.