බුද්ධදත්ත පාලි අකාරාදිය – 62

අභිකඞ්ඛිත

3. කැමති වූ; බලාපොරොත්තු වූ.

අභිකඞ්ඛී

3. කැමති වන්නා; බලාපොරොත්තු වන්නා.

අභික්කන්ත

න. ඉදිරි ගමන.
3. ඉකුත්ව ගිය; මනවඩන.

අභික්කම

පු. ඉදිරියට යාම.

අභික්කමති

(අභි+කමු+අ) ඉදිරියට යේ.

අභික්ඛණං

ක්‍රි.වි. නිතර නිතර.

අභික්ඛණති

(අභි+ඛණු+අ) සාරයි.

අභික්ඛණන

න. සෑරීම.

අභිකිණ්ණ

3. ගැවසී ගත්; විසුරුවන ලද.

අභිකිරණ

න. විසුරුවීම.

අභිකිරති

(අභි+කිර+අ) විසුරුවයි.

අභිකූජන

න. පක්ෂීන්ගේ නාද කිරීම.

අභිකූජිත

3. පක්ෂිනාදය; පක්ෂිනාදයෙන් යුත්.

අභිගජ්ජති

(අභි+ඛණු+අ) ගර්ජනා කරයි; මහත් නාද කරයි.

අභිගජ්ජන

න. ගර්ජනාව; ගෙරවීම.

අභිගජ්ජන්ත

3. ගොරවන; ගොරවමින්.

අභිගජ්ජිත

න. ගෙරවීම.

අභිගිජ්ඣති

(අභි+ගිධ්‍ර+ය) ගිජු‍ වේ; දැඩි ආශා කෙරේ.

අභිගිජ්ඣන

න. ගිජුබව; ලොල් වීම.

අභිගීත

3. ගායනා කළ.

අභිගුට්ඨ

3. ප්‍රකාශයට පැමිණ වූ.

අභිඝාත

පු. නැසීම; හැපීම.

අභිඝාතන

න. නැසීම.

අභිඝාති

3. සතුරා; හපන්නා.