බුද්ධදත්ත පාලි අකාරාදිය – 63

අභිජප්පති

(අභි+ජප්ප+අ) ඉල්වයි; කථාකරයි.

අභිජප්පන

න. ඉල්ලීම; තොල් මැතිරීම; සෙමින් කීම.

අභිජප්පිත

න. ඉල්ලීම; තොල් මැතිරීම; සෙමින් කීම.

අභිජ්ජනක

3. නො බි‍‍ඳෙන; වෙන්ව නො යන.

අභිජ්ජමාන

3. නො බි‍‍ඳෙන; වෙන්ව නො යන.

අභිජ්ඣා

ඉ. දැඩි ලෝභය.

අභිජ්ඣාලු

3. තෘෂ්ණා බහුල කොට ඇත්තා.

අභිජාත

3. උසස් මවුපියන් ඇති; උසස්ව උපන්.

අභිජාති

ඉ. උසස් ඉපදීම; නැවත ඉපදීම.

අභිජානත්ත

3. දන්නා වූ; දනිමින්.

අභිජානන

න. දැනගැන්ම; සිහි කිරීම.

අභිජානාති

(අභි+ඤා+ණා) මනා සේ දනී; සිහිපත් කරයි.

අභිජානිත්වා

පූ.ක්‍රි. මනා‍සේ දැන.

අභිජායති

(අභි+ජන+ය) උපදී; හටගනී.

අභිජායන

න. ඉපදීම; හටගැන්ම.

අභිඤ්ඤ

3. විශිෂ්ට දැනුම ඇති.

අභිඤ්ඤා

පූ.ක්‍රි. මනාසේ දැනගෙන.
ඉ. දිව්‍යඥානාදිය; විශිෂ්ට දැනීම.

අභිඤ්ඤාණ

න. සලකුණ.

අභිඤ්ඤාත

3. ප්‍රකට; මනාසේ දත්.

අභිඤ්ඤාය

පූ.ක්‍රි. මනාසේ දැනගෙන.

අභිඤ්ඤෙය්‍ය

3. විශිෂ්ට‍ ‍සේ දතයුතු.

අභිණ්හ

3. නිතර පවත්නා.

අභිණ්හං

ක්‍රි.වි. නිතර.

අභිණ්හසො

නි. නිරන්තරයෙන්.