බුද්ධදත්ත පාලි අකාරාදිය – 61

අබ්භුග්ගමන

න. උස්ව නැගීම.

අබ්භුග්ගිරණ

න. පහර දීමට යමක් එසවීම.

අබ්භුග්ගිරති

(අභි+උ+ගිර+අ) ආයුධයක් ඔසවන්නා සේ ඔසවයි; උරුක්කරයි.

අබ්භුග්ගිරිත්වා

පූ.ක්‍රි. ඔසවා.

අබ්භුට්ඨාන

න. උත්සාහය; නැගී සිටීම.

අබ්භුදෙති

(අභි+උදි+ණෙ) පහළ වේ.

අබ්භුන්තත

3. ඉතා උස්ව නැගි.

අබ්භුම්මෙ

නි. භයානකයි; විපතකි.

අබ්භුය්‍යාති

(අභි+උ+යා) විරුද්ධව ඉදිරියට යේ.

අබ්භූත

න. ආශ්චර්‍යය; ඔට්ටුව; පදුමට.
3. ආශ්චර්‍යයවත්.

අබ්භොකාස

පු. එළිමහන් තැන.

අබ්භොකාසික

3. එළිමහනේ වසන.

අබ්භොකිණ්ණ

3. ගැවසී ගත්; විවේක නැති.

අබ්භොකිරණ

න. විසුරු වීම.

අබ්භොකිරති

(අභි+අව+කිර+අ) විසුරුවයි.

අබාධ

3. නිරවුල්; බාධා නැති.

අබිජ්ඣායති

(අභි+ඣෙ+අ) දැඩි ලෙස ආශා කෙරේ.

අභබ්බ

3. අයෝග්‍ය; අසමර්ථ.

අභබ්බතා

ඉ. අයෝග්‍ය බව; නො හැකි බව.

අභය

න. නිර්භයත්වය; නිවන.
3. භය නැති.

අභයා

ඉ. අරළු.

අභාව

පු. නො වීම; විනාශය.

අභාවිත

3. නො වැඩූ; පුරුදු නො කළ.

අභිකඞ්ඛති

(අභි+කඛි+ංඅ) කැමති වේ; බලාපොරොත්තු වේ.