බුද්ධදත්ත පාලි අකාරාදිය – 60

අබ්බොහාරික

3. ගණන් නො ගතයුතු.

අබ්භ

න. අහස; වලාකුළ.
පු. ගල.

අබ්භක

න. මීරන්.

අබ්භක්ඛාති

(අභි+ආ+ඛා+අ) බොරුවෙන් දෝෂාරෝපණය කරයි.

අබ්භක්ඛාන

න. අසත්‍ය දොස් නැගීම.

අබ්භකූට

න. වලාකුළ.

අබ්භඤ්ජති

(අභි+අඤ්ජු+අ) ගල්වයි; තෙල් ගා උළයි.

අබ්භඤ්ජන

න. ගල්වන ද්‍රව්‍ය; ගැල්වීම.

අබ්භත්ථ

පු. අස්තය; විනාශය.

අබ්භතීත

3. ඉකුත්ව ගිය; මැරී ගිය.

අබ්භන්තර

න. ඇතුළ; රියන් 28 ක දිග.

අබ්භන්තරික

3. ඇතුළත වූ; ඉතා විශ්වාස ඇති.

අබ්භනුමොදනා

3. පින් අනුමෝදන් කරවීම.

අබ්භපටල

න. මේඝය; වලාකුළු රාශිය.

අබ්භාගත

3. ආගන්තුකයා; පැමිණි.

අබ්භාගමන

න. ඉදිරියට ඒම.

අබ්භාචික්ඛණ

න. අසත්‍ය දොෂාරෝපණය.

අබ්භාචික්ඛති

(අභි+ආ+චික්ඛ+අ) අසත්‍ය දෙයින් දොස් නගයි.

අබ්භාචික්ඛිතුං

නි. අසත්‍ය දොෂාරෝපණය කරන්ට.

අබ්භාන

න. අබ්භාන විනය කර්මය; ඇතුලත් කර ගැනීම.

අබ්භාහත නි

(අභි+ආ+හත) පහර දුන්; මඩින ලද.

අබ්භුක්කිරති

(අභි+උ+කිර+අ) ඉසියි; විසුරුවයි.

අබ්භුග්ගච්ඡති

(අභි+උ+ගමු+අ) ඉහළ නගී; පැන නගී.

අබ්භුග්ගත

3. උස්ව නැගි; පහළ වූ.