බුද්ධදත්ත පාලි අකාරාදිය – 672

සංවඩ්ඪති

(සං+වඩ්ඪ+අ) දියුණු වේ; වැඩේ.

සංවඩ්ඪන

න. වැඩීම.

සංවඩ්ඪන්ත

3. වැඩෙන; වැඩෙමින්.

සංවඩ්ඪමාන

3. වැඩෙමින්.

සංවඩ්ඪිත

3. වඩන ලද; වැඩුණු.

සංවඩ්ඪිතබ්බ

3. පෝෂණය කළ යුතු; වැඩිය යුතු.

සංවඩ්ඪිය

පූ.ක්‍රි. ඇති දැඩි කොට; වඩා.

සංවඩ්ඪෙත්වා

පූ.ක්‍රි. ඇති දැඩි කොට; වඩා.

සංවඩ්ඪෙති

(සං+වඩ්ඪ+ණෙ) පෝෂණය කරයි; වඩයි.

සංවඩ්ඪෙන්ත

3. දියුණු කරමින්; වඩන; වඩමින්.

සංවණ්ණනා

ඉ. විස්තරය; ස්තුති කිරීම.

සංවණ්ණිත

3. වර්ණනා කළ; ස්තුති ලැබූ.

සංවණ්ණිය

පූ.ක්‍රි. ගුණ කියා; විස්තර කොට.

සංවණ්ණෙතබ්බ

3. විස්තර කළ යුතු.

සංවණ්ණෙත්වා

පූ.ක්‍රි. විස්තර කොට.
පූ.ක්‍රි. ගුණ කියා.

සංවණ්ණෙති

(සං+වණ්ණ+ණෙ) වර්ණනා කරයි.
(සං+වණ්ණ+ණෙ) විස්තර කරයි.
(සං+වණ්ණ+ණෙ) ගුණ කියයි.

සංවත්තති

(සං+වතු+අ) පමුණුවයි; පවතී.

සංවත්තන

න. පැමිණ වීම; පැවතීම.

සංවත්තනික

3. පමුණුවන; පවත්වන.

සංවත්තෙත්වා

පූ.ක්‍රි. පවත්වා.

සංවත්තෙති

(සං+වතු+ණෙ) පවත්වයි.

සංවත්තෙන්ත

3. පවත්වන; පවත්වමින්.

සංවද්ධ

3. වැඩුණු.

සංවද්ධන

න. දියුණු කිරීම; පෝෂණය; වැඩීම.