බුද්ධදත්ත පාලි අකාරාදිය – 671

සංයුඤ්ජන්ත

3. යෙදෙන; යෙදෙමින්.

සංයුඤ්ජිත්වා

පූ.ක්‍රි. නියුක්ත වී; යෙදී.

සංයුත

3. ‍එකට යෙදුණු හො යෙදූ; යුක්ත වූ.

සංයුත්ත

3. එකට යෙදුණු හො යෙදූ; යුක්ත වූ.

සංයුත්තනිකාය

පු. එනමින් යුත් සූත්‍ර කොටස.

සංයුත්තභාණක

පු. සංයුත් නිකාය ඉගෙන කියවන්නා.

සංයූහති

(සං+ඌහ+අ) එක්තැන් කරයි; රැස් කරයි.

සංයොග

පු. එක් වීම; එක්තැන් කිරීම; සන්ධිය; සම්බන්ධය.

සංයොජන

න. එක්කොට බැඳීම; එකට යෙදීම; බැම්ම.

සංයොජනීය

3. බැඳීම් ඇති කරන.
3. සම්බන්ධයට හිතවත්.

සංයොජිත

3. එක්කොට යෙදූ; බඳින ලද.

සංරක්ඛති

(සං+රක්ඛ+අ) ආරක්ෂා කරයි; රකියි.

සංරක්ඛන්ත

3. රකින; රකිමින්.

සංරක්ඛනා

ඉ. මනා රැකීම.

සංරක්ඛිත

3. රක්නා ලද.

සංරක්ඛිතබ්බ

3. රැක්ක යුතු.

සංරක්ඛිත්වා

පූ.ක්‍රි. ආරක්ෂා කොට; රැක.

සංරක්ඛිතුං

නි. රකින්ට.

සංරක්ඛිය

පූ.ක්‍රි. ආරක්ෂා කොට; රැක.

සංවච්ඡර

පු. න. අවුරුද්ද.

සංවට්ට

පු. (කප්ප) කල්ප විනාශය.

සංවට්ටති

(සං+වතු+අ) පෙරළේ; විනාශ වේ.

සංවට්ටන

න. පෙරළීම; විනාශය.

සංවඩ්ඪ

3. වැඩුණු.