බුද්ධදත්ත පාලි අකාරාදිය – 670

සංගීති

ඉ. ගී එක්රැස්ව කීම; ගීතිකාව; ධර්මය සංග්‍රහ කොට පිළියෙළ කිරීම.

සංගීතිකාරක

3. ධර්මසංගීතිය කරන්නා.

සංඝට්ටෙති

(සං+ඝට්ට+ණෙ) එකට හපයි; කෝප කරවයි.

සංඝාට

පු. එක්කොට බැඳීම; පහුර.
පු. සම්බන්ධ කිරීම.

සංඝාටි

ඉ. උඩ පොරෝනාව; භික්ෂුනමකගේ දෙපට සිවුර.

සංඝාත

පු. නරකයක නමක්; නැසීම; රාශිය; රැස් වීම; විනාශ කිරීම; හැප්පීම.

සංඝික

3. සංඝයාට අයත්.

සංඝී

3. පිරිස් ඇත්තා; සමූහ ඇත්තා.

සංඝුට්ඨ

3. ඝෝෂිත වූ; නාද කළ; නාදයෙන් පිරුණු.

සංචිණ්ණ

3. පුරුදු කළ; රැස් කළ.

සංචුණ්ණිත

3. කුඩු කළ; චූර්ණ කළ; පොඩි කළ.

සංඩඩ්ඪමාන

3. වැඩෙන.

සංයත

3. හික්ම වූ; හික්මුණු.

සංයතචාරී

3. හික්මී හැසිරෙන්නා.

සංයතත්ත

3. හික්මුණු සිතැති.

සංයම

පු. ඉන්ද්‍රියන් තැන්පත් කිරීම; හික්මීම.

සංයමන

ඉඳුරන් මැඩීම; හික්මවීම.

සංයමිත

3. හික්ම වූ.

සංයමී

පු. තාපසයා; පැවිද්දා; හික්ම වූ ඉඳුරන් ඇත්තා.

සංයමෙතබ්බ

3. හික්මවිය යුතු.

සංයමෙති

(සං+යමු+ණෙ) (සඤ්ඤමෙති) තැන්පත් කරයි; හික්මවයි.

සංයමෙන්ත

3. මැඩපවත්වන; හික්මවන; හික්මවමින්.

සංයුඤ්ජති

(සං+යුජ+ංඅ) නියුක්ත වේ; යෙදේ.

සංයුඤ්ජන

න. නියුක්ත වීම; යෙදීම.