බුද්ධදත්ත පාලි අකාරාදිය – 669

සංඛාය

පූ.ක්‍රි. විමසා බලා.

සංඛාර

පු. ක්‍රියා කිරීමේ ශක්තිය; පැවතීමට උපකාර වන දෙය; සංස්කාරය; හටගත් දෙය.

සංඛාරක්ඛන්ධ

පු. ලෝභාදී චෛතසික සමූහය.

සංඛාරදුක්ඛ

න. ලො‍වැ ඉපද සිටීමේ දුක.

සංඛිත්ත

3. කොට කළ; ලුහුඬු කළ; සංක්ෂිප්ත; හැකුළු.

සංඛිපති

(සං+ඛිප+අ) එකතු කරයි; කොට කරයි; සංක්ෂේප කරයි; හකුළයි.

සංඛිපන්ත

3. හකුළන; හකුළමින්.

සංඛිපමාන

3. හකුළන; හකුළමින්.

සංඛිපිතබ්බ

3. හැකිළිය යුතු.

සංඛිපිත්වා

පූ.ක්‍රි. සංක්ෂේප කොට; හකුළා.

සංඛිපිතුං

නි. සංක්ෂේප කරන්ට.

සංඛුභති

(සං+ඛුභ+අ) කැලඹේ.

සංඛුභන

න. කැලඹීම.

සංඛුභිත

3. කැලඹුණු.

සංඛුහිත්වා

පූ.ක්‍රි. කැලඹී.

සංඛෙප

පු. කොට කිරීම; සංක්ෂේපය; හැකිළීම.

සංඛෙය්‍ය

3. ගණන් කළහැකි.

සංඛොභ

පු. කලබලය; කැලඹීම; විප්ලවය.

සංඛොභෙත්වා

පූ.ක්‍රි. කළඹා.

සංඛොභෙති

(සං+‍ඛුභ+ණෙ) කලබල කරයි; කළඹයි.

සංඛොභෙන්ත

3. නොසන්සුන් කරන; නොසන්සුන් කරමින්.

සංගණිකාරත

3. රංචු ගැසීමේ ඇලුණු.

සංගණිකාරාම

3. රංචු ගැසීමේ ඇලුණු.

සංගීත

න. ගායනාව.
3. කියන ලද; කී; ගායනා කළ.