බුද්ධදත්ත පාලි අකාරාදිය – 668
සංකුචිත
3. අකුලා හෝ නමාගත්; හැකුලුණු.
සංකුචිත්වා
පූ.ක්‍රි. හැකලී.
සංකුටිත
3. හැකුලුණු.
සංකුපථ
පු. කඳුවල උල්ගසා එල්ලී යා යුතු මග.
සංකුප්ප
3. සෙලවිය හැකි.
සංකුපිත
3. කිපුණු; කෝප වූ.
සංකුල
3. ගැවසී ගත්.
සංකොචන
න. ඇකිලී යාම; හැකිලීම.
සංඛකුට්ඨි
3. කබර ඇත්තා; සුදු කුෂ්ට ඇත්තා.
සංඛථාල
පු. හක්ගෙඩියේ පලුවකින් සෑදූ භාජනය.
සංඛමුණ්ඩික
න. හිසේ සම හා හිසකෙස් ගලවා දෙන වධයක්.
සංඛය
පු. ගෙවී යාම; විනාශය.
සංඛරණ
න. රැස් කිරීම; සංස්කරණය; සෑදීම.
සංඛරිත්වා
පූ.ක්‍රි. පිළියෙළ කොට; සංස්කරණය කොට; සාදා.
සංඛරොති
(සං+කර+ඔ) පිළියෙළ කරයි; රැස් කරයි; සංස්කරණය කරයි.
සංඛරොන්ත
3. පිළියෙළ කරන; රැස් කරන; සාදන.
සංඛලිකා
ඉ. මාංචුව; හැකිල්ල.
සංඛා
ඉ. ගණන; නාමය; ව්‍යවහාරය; සංඛ්‍යාව; සණන් ගැනීම.
සංඛාත
3. කියන ලද; දැනගත්; නම් කළ.
සංඛාති
(සං+ඛා+අ) විමසා බලයි.
සංඛාදති
(සං+ඛාද+අ) මනාසේ විකා කයි.
සංඛාදිත
3. මනාෙස් විකා කෑ (දෙය).
සංඛාදිත්වා
පූ.ක්‍රි. මනාසේ විකා.
සංඛාන
න. ගණන් කිරීම.