සංඛය
saṃkhaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හක්ගෙඩිය ; සක.
2. නළලේ දෙකෙළවර පිහිටි මර්ම දෙකක්.
3. සෙවෙල් ශාකයක්.
4. (සංගී.) තාලයක්.
5. හිසරදය විශේෂ ලක්ෂණයක් කොට ඇති රෝගයක්.
6. හිසෙහි අස්ථියක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හක්බෙලි කටුව; හක්ගෙඩිය (සං. ශඞ්ඛ පා. සඞ්ඛ)
නා. හක්ගෙඩිය; සක; ශඞ්ඛය (පා. සංඛ සං. ශඞ්ක)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගෙවී යාම; විනාශය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. විනායශය - නැතිවීම, වියදම් කරණව. (පි. 488)