සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 848

සංඛධම

න. හක් පිඹීම. (පි. 488)

සංඛනඛ

පු. සක් බෙල්ලා. (පි. 488)

සංඛනාභි

ඉ. සක් නැබ. (පි. 488)

සංඛමුණ්ඩික

පු. සක්ගෙඩියක් මෙන් වූ හිස ඇත්තා. (පි. 488)

සංඛමුත්ත

ති. මාඤ්චුවලින් මිඳුනු, හැකිල්ලෙන් මිඳුනු. (පි. 488)

සංඛය

න. විනායශය - නැතිවීම, වියදම් කරණව. (පි. 488)

සංඛල

ති. ඇතුන් බඳින දම. (පි. 488)

සංඛලිකා

දම්වැල, ඇටවැල, පෙළ. (පි. 488)

සංඛලිත

න. විලංගුව, මාඤ්චුව, නිහලය. (පි. 488)

සංඛ්‍යා

ඉ. සඞ්ඛ්‍යාව, ගණන, යුද්ධය, විචාරය. (පි. 488)

සංඛ්‍යාත

ති. පරිමිතදේ, නියමිතදේ. (පි. 488)

සංඛ්‍යාභෙද

පු. සංඛ්‍යා විශේෂය. (පි. 488)

සංඛා

ඉ. සැකය.
ඉ. ප්‍ර‍ඥා, භාග, ප්‍ර‍ණීත, ගණන, ප්‍ර‍ඥප්ති ආදියෙහි. (පි. 488)

සංඛාත

එකඟ වූ, සැළකුව, අවබෝධය. (පි. 488)

සංඛාර

න. කසළ, අසුචි මල ආදිය.
පු. සංස්කාරය, ප්‍ර‍ත්‍යයොත්පන්නයා, පුණ්‍යාභි සංස්කාරාදිය, සව්‍යාපාරත්වය, කායසංස්කාරාදිය = කාය ප්‍රයොගාදිය, භුම්‍යාදි සංස්කාරය. (පි. 488)

සංඛාරකූට

න. කසළගොඩ, කුණුගොඩ. (පි. 488)

සංඛාරධාන

කසලගොඩ, කුණුගොඩ. (පි. 488)

සංඛාරලොක

පු. ලෝකය, සංස්කාරලෝකය. (පි. 488)

සංඛාරුපෙක්ඛා

ඉ. සංස්කාරයන් ගැණ ඇති මැදිහත්කම. (පි. 488)

සංඛෙප

පු. සංක්ෂෙපය, ලුහුඬු. (පි. 488)

සංඛෙය්‍ය

පු. ගණනින් යුක්ත, ගුණකටයුතු, ගණන් කටයුතු. (පි. 488)

සංග

පු. සංගතිය, ඇලීම. (පි. 488)

සංගණිකා

ඉ. සමාගම, පනිවිඩ ක්‍ර‍මය, රැස්වීම. (පි. 488)

සංගත

ති. සංගතාර්ථ. (පි. 488)