සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1649
සංකෝචක
(පාරිභා.) වි. (පේශි, පටක, තන්තු ආදිය) කෙටි වන ; දිගින් අඩු වන.
සංකෝචක ආශයිකාව
(පාරිභා.) නා. හැකිළෙනසුලු කුඩා ද්රව කුහරයක් ; ලොකු-කුඩා වන ආශයිකාව.
සංකෝචක තන්තුව
(පාරිභා.) නා. කෙටි වන (පේශි) කෙන්ද ; හැකිළෙන තන්තුව.
සංකෝචක මුල්
(පාරිභා.) නා.බහු. පසෙහි අවශ්ය ප්රමාණයකට බල්බය හෝ කෝමය පහළට ඇද ගැනීමට හැකි ශාක මුල් විශේෂයක්.
සංකෝචක රික්තකය
(පාරිභා.) නා. ඇතැම් ප්රොටොසෝවාවන්ගේ තිබෙන ද්රව පිරි කුහරයක්.
සංකෝචකතාව
(පාරිභා.) නා. හැකිළෙන ස්වභාවය ; කුඩා වන ගතිය ; දිග අඩුකර ගැනීම සඳහා ඇතැම් සෛල හා පටක සතු හැකියාව.
සංකෝචන
(පාරිභා.) වි. හැකිළීම පිළිබඳ වූ ; හකුළවන ; සම්පීඩන අඩු කරන ; සීමා කරන.
සංකෝචන කෝදුව
(පාරිභා.) නා. සංකෝචන වාසිය ඉතුරුකොට, සාමාන්ය කෝදුවට වඩා ලොකු කොටස් වලට බෙදා ඇති මිනුම් කෝදුව.
සංකෝචන නළය
(පාරිභා.) නා. (තුවක්කු ආදියෙහි) වාතය තෙරපන බටය.
සංකෝචන වාසිය
(පාරිභා.) නා. හැකිළීමට ඉඩ තබා, ඒ සඳහා තබන වැඩි ප්රමාණය.
සංකෝචන සංගුණකය
(පාරිභා.) නා. විවරයකින් පිට වන දියර ක්ෂේපයක අවම හරස්කඩ වර්ගඵලයෙහිත් විවරයේ වර්ගඵලයෙහිත් අනුපාතය.
සංකෝචනය
(පාරිභා.) නා. 1. හැකිළීම ; කුඩා වීම ; ප්රමාණයෙන් අඩු වීම.
2. පීඩනය ; සම්පීඩනය.
සංඛත
වි. හේතු ප්රත්යයන් විසින් සකස් කරන ලද ; හේතු නිසා උපන්.
සංඛතය
නා. හේතු ප්රත්යයන් විසින් සකස් කරන ලද්ද.
සංඛය
1. නා. හක්ගෙඩිය ; සක.
2. නළලේ දෙකෙළවර පිහිටි මර්ම දෙකක්.
3. සෙවෙල් ශාකයක්.
4. (සංගී.) තාලයක්.
5. හිසරදය විශේෂ ලක්ෂණයක් කොට ඇති රෝගයක්.
6. හිසෙහි අස්ථියක්.
සංඛලා
1. නා.ප්ර. පාදාභරණයක් ; සූසැට අබරණින් එකක්.
2. හැකිල්ල ; අත්මාංචුව ; දම්වැල.
සංඛලික
වි. දම්වැලින් කළ ; හැකිලි සහිත.
නා.ප්ර. දම්වැල ; හැකිල්ල ; විලංගුව.
සංඛසිලා
නා.ප්ර. අගනා මැණික් විශේෂයක් ; හක්ගල්.
සංඛ්යා අංකනය
(පාරිභා.) නා. ඉලක්කමකින් ගණන් දැමීම.
සංඛ්යා අගය
නා.ප්ර. සංඛ්යා හෙවත් අංක වශයෙන් ඇති වටිනාකම.
සංඛ්යා ක්ෂේත්රය
(පාරිභා.) නා. ගණන් පිළිබඳ විෂය ප්රදේශය ; ඉලක්කම් පිළිබඳ ක්ෂේත්රය.
සංඛ්යා ග්රහණය
නා. ගණනක් ගැනීම ; සංඛ්යාවක් ගැනීම.
සංඛ්යා නාමපදය
නා. (ව්යාක.) ගණනක් හෙවත් සංඛ්යාවක් කියැවෙන නාමපදය.