සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1650
සංඛ්යා පරාමර්ශය
නා. ගණනක් සම්බන්ධ වීම ; සංඛ්යාවක් ඇතුළත් වීම.
සංඛ්යා පරිමාණය
(පාරිභා.) නා. කිසියම් පිළිවෙලකට රේඛාවක් මත සංවිධානය කළ අංක මාර්ගයෙන් ලකුණු දැක්වීම.
සංඛ්යා පරිමාණවාචී
නා.ප්ර. ගණන් ප්රමාණ කියවෙන පදය ; සංඛ්යාවාචී පදය.
සංඛ්යා ප්රධාන
වි. (ව්යාක.) ගණනක් (සමාසයක) ප්රමුඛ ව සිටි; සංඛ්යාවක් ප්රධාන අංගය වශයෙන් ඇති.
සංඛ්යා ප්රස්තාරය
(පාරිභා.) නා. 1. සංඛ්යාන ප්රස්තාරය.
2. ප්රදේශ අනුව ගමනාගමනය, බඩු හෝ මිනිසුන් ප්රවාහනය, ආර්ථික අගය හා සම්බන්ධ කොට දක්වන සටහන හෝ සිතියම.
සංඛ්යා පිරමීඩය
(පාරිභා.) නා. සත්ත්ව ප්රජාවක් තුළ වෙසෙන සතුන්ගේ ශරීර ප්රමාණත් එහි ඝනත්වයත් අතර සම්බන්ධය පිළිබිඹු කරන පිරමීඩයක හැඩය ගන්නා ස්වභාවය.
සංඛ්යා විද්යාව
(පාරිභා.) නා. ගණන් විස්තාර ක්රමවත් ව හා විද්යානුකූල ව හැදෑරීම හා සකස් කිරීම පිළිබඳ ශාස්ත්රය ; සංඛ්යාලේඛන විද්යාව.
සංඛ්යා ශක්තිය
(පාරිභා.) නා. යම් දැයකින් අතිශය සංඛ්යාවක් හෙවත් ප්රමාණයක් පැවතීම හේතුකොට ගෙන ඇතිවන සවිය ; ගණනින් වැඩිවීම නිසා ලැබෙන ශක්තිය සංඛ්යාමය බලය.
සංඛ්යා ශාස්ත්රය
1. නා. ගණන් පිළිබඳ ශාස්ත්රය ; ගණන් ශාස්ත්රය.
2. ගස්, වැල්, කෙත් ආදිය දෙස බලා ඒවායේ ඵල ප්රමාණය කියන්නා වූ ශාස්ත්රය.
සංඛ්යා සංකේතය
නා. ගණන් දක්වන ලකුණ ; ඉලක්කම.
සංඛ්යා සංගුණකය
(පාරිභා.) නා. සංඛ්යාත්මක සංගුණකය.
සංඛ්යාංක
වි. ඉලක්කම් පිළිබඳ වූ ; සංඛ්යා සම්බන්ධ.
නා.ප්ර. ඉලක්කම්.
සංඛ්යාංක පරිගණකය
නා. විදුලිය ඇති හා නැති යන අවස්ථා දෙක 1 හා 0 යන ද්විමය සංඛ්යා ක්රමයට අනුයුක්ත කරමින් ක්රියා කරවන පද්ධතිය සහිත පරිගණකය.
සංඛ්යාංක විතරයන
නා.ප්ර. පණිවිඩයක් යවන තැනැත්තා හඳුනාගත හැකි එන්ක්රිප්ට් (ගුප්ත කේතනය) කළ දත්ත ඛණ්ඩයක්.
සංඛ්යාංක ශ්රව්ය
නා.ප්ර. නාද රටාවලට විශේෂ ප්රයෝග එක් කරමින් හැසිරවිය හැකි පරිගණක තාක්ෂණය ; ඩිජිටල් ඕඩියෝ.
සංඛ්යාංක ස්ථාවරකය
නා. කුඩා වීඩියෝ කැමරාවලින් වීඩියෝ කිරීමේදී බාහිර බලපෑම් නිසා ඇති වන චලනයන් මග හැර පැහැදිලි දර්ශන ලබාදෙන ක්රියාමාර්ගය.
සංඛ්යාංකනය
1. නා. ගණන් කිරීම ; ගණන් අකුරෙන් ලිවීම ; ගණන් දැමීම.
2. (පාරිභා.) ඇනලොග් සංඥා, පරිගණකයට වටහාගත හැකි ආකාරයට ඩිජිටල් සංඥා බවට හැරවීම.
සංඛ්යාකාරය
නා. ගණන් හා අනුකූලත්වය ; සංඛ්යා පිළිවෙල.
සංඛ්යාගත
වි. ගණන්වල ඇතුළත් ; සංඛ්යාවෙහි අන්තර්ගත.
සංඛ්යාත
1. වි. (මනා කොට) කියන ලද ; නම් වූ.
2. ගණන් ගන්නා ලද ; ගණන් කළ.
1. නා.ප්ර. නැවත, නැවත සිදුවන ක්රියාවක් නියමිත කාලසීමාවක් ඇතුළත සිදුවන වාර ගණන.
2. (පාරිභා.) ධාරාවක වක්ර පටිපාටිය තත්පරයක දී සිදුවන වාර ගණන.
3. ගණන් කිරීම ; ගණන් ගැනීම.
සංඛ්යාත ව්යාප්තිය
(පාරිභා.) නා. සාපේක්ෂ සංඛ්යාතය හෙවත් අගය කාණ්ඩයක් මත විචල්යයක් සිදුවිය හැකිය යන සම්භාවිතාව මැනීමේ ශ්රිතයක්.
සංඛ්යාත ශ්රිතය
(පාරිභා.) නා. තාත්වික අගය ඇති ශ්රිතය.
සංඛ්යාත්මක
1. වි. ගණනින් පෙන්නුම් කළ හැකි; සංඛ්යාවලින් දැක්විය හැකි.
2. ප්රමාණ වශයෙන් වූ ; ප්රාමාණික.
සංඛ්යාත්මක අගය
(පාරිභා.) නා.ප්ර. 1. ගණන් වශයෙන් ඇති වටිනාකම ; සංඛ්යා අනුව ගත් කල ඇති අගය.
2. සංඛ්යාවක ධන හෝ සෘණ ලකුණු ඉවත් කළ විට එහි වටිනාකම.
සංඛ්යාත්මක ආගණිතය
නා. සංඛ්යා වශයෙන් කරන ගණන් බැලීම.