සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1651
සංඛ්යාත්මක නිදර්ශකය
(පාරිභා.) නා. ගණනින් දක්වන නිදසුන ; සංඛ්යා ආශ්රයෙන් උදාහරණ දැක්වීම.
සංඛ්යාත්මක පත්රලේඛය
නා. ගණන් පත්රිකාවලින් සකස් වූ ලෙජරය.
සංඛ්යාත්මක භාවිකථනය
නා. අදාළ මූලික සමීකරණ සම්බන්ධ සංඛ්යා ආශ්රයෙන් කරනු ලබන විසඳීම් මඟින් වායුගෝලීය වෙනස්කම්වල හැසිරීම් රටාව පිළිබඳ අනාවැකි පළ කිරීම.
සංඛ්යාත්මක මූලය
නා. අංක ගණිතමය මූල අංකය.
සංඛ්යාත්මක යතුරු ඇහිරුම
නා. පරිගණකය හා සම්බන්ධ යතුරු පුවරුවේ දකුණු පසින් ඇති ඉලක්කම් සහිත කොටස.
සංඛ්යාත්මක රාශිය
(පාරිභා.) නා. සංඛ්යාවක් වශයෙන් ගන්නා ගොඩ ; ගණනක් වශයෙන් වටිනාකම් ඇති රාශිය.
සංඛ්යාත්මක විශ්ලේෂණය
(පාරිභා.) නා. (උසස්) ගණිත ප්රශ්න නිරාකරණය සඳහා අංක ගණිතය යොදාගෙන ආසන්න ශිල්පී ක්රම හැදෑරීම.
සංඛ්යාත්මක ස්ථායිතාව
(පාරිභා.) නා. සංඛ්යා වශයෙන් ඇති ස්ථාවරභාවය.
සංඛ්යාතික්රාන්ත
වි. ගණන් සීමාව ඉක්මවූ ; සංඛ්යා විෂයය ඉක්මවා ගිය.
සංඛ්යාතිය
(පාරිභා.) නා. කිසියම් පරාමිතියක් පිළිබඳ ව නියැදීමක් මඟින් ලබාගත් දත්ත කොටස හෙවත් ඇස්තමේන්තුව.
සංඛ්යාතීත
වි. ගණන් ප්රමාණයක් ඉක්මවා ගිය ; සංඛ්යා ක්ෂේත්රයේ සීමා ඉක්ම වූ.
සංඛ්යාද්යර්ථ
නා.ප්ර. ගණන් ආදී අරුත්.
සංඛ්යාන
වි. ගණන් සම්බන්ධ වූ ; සංඛ්යා පිළිබඳ වූ.
සංඛ්යාන අනුමිතිය
(පාරිභා.) නා. සසම්භාවී නියැදීන් පදනම් කොට ගෙන කිසියම් ජනගහනයක් පිළිබඳ නිගමනවලට බැසීමේ ක්රියාවලිය.
සංඛ්යාන අභිලේඛනය
(පාරිභා.) නා. ක්රමවත් ලෙස රැස් කළ ගණන් විස්තර පිළිබඳ විශේෂ ලියවිල්ල.
සංඛ්යාන උද්ගමනය
(පාරිභා.) නා. සංඛ්යා ආශ්රයෙන් දැක්විය හැකි උද්ගමනය ; ගණන් මාර්ගයෙන් දැක්විය හැකි උද්ගමනය.
සංඛ්යාන පද
නා.බහු. සංඛ්යානයෙහි ව්යවහාර වන පද ; සංඛ්යාලේඛන විද්යාවේ යෙදෙන පද.
සංඛ්යාන ප්රස්තාරය
(පාරිභා.) නා. ගණන් හිලව් හෙවත් සංඛ්යා විස්තර නිරූපණය කරන ප්රස්තාරය.
සංඛ්යාන පාලනය
(පාරිභා.) නා. ගණන් විස්තර හෙවත් සංඛ්යා ලේඛන හැසිරවීම ; සංඛ්යා ලේඛන උපයෝගිත්වයෙන් කරන පාලනය.
සංඛ්යාන විද්යාව
(පාරිභා.) නා. දත්ත ලබාගැනීමේ, ඒවා විශ්ලේෂණය කිරීමේ හා සම්පිණ්ඩනය කිරීමේ සම්භාවිතා සිද්ධාන්තය පදනම් කරගෙන, දත්ත නියැදීන් ඇසුරින් අනුමාන විනිශ්චයවලට එළඹීමේ ක්රම පිළිබඳ විද්යාත්මක ශික්ෂණය.
සංඛ්යානය
1. නා. ගණන් දැක්වීම ; ගිණීම.
2. ක්රමවත්ව පිළියෙල කළ සංඛ්යාලේඛන.
3. ගණනක් ඉලක්කමින් නොලියා අකුරින් ලිවීම.
සංඛ්යාපථය
1. නා. ගණන් කිරීමේ සීමාව ; ගණන් කළ හැකි ප්රමාණය.
2. ගණිත ශාස්ත්රය ; අංක ගණිතය.
සංඛ්යාපථාතික්රාන්ත
වි. ගණන් කිරීමේ සීමාව ඉක්මවා ගිය ; ගණන් මාර්ගය ඉක්මවූ.
සංඛ්යාපූරණ
වි. ගණනක් පුරවන ; සංඛ්යාවක් සම්පූර්ණ කරන.
සංඛ්යාපූරණ අර්ථය
නා. ගණන පුරවන අරුත ; සංඛ්යාව සම්පූර්ණ කරන යන තේරුම.