සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1652
සංඛ්යාපූර්ව
වි. ගණනක් පෙරට යෙදුණු ; සංඛ්යාවක් පෙරටුකොට ඇති.
සංඛ්යාපූර්ව සමාසය
නා. සංඛ්යා වාචක පදයක් පෙරට යෙදුණු සමාසය ; සංඛ්යා වාචක පදයක් පෙරටු කොට ඇති සමාසය.
සංඛ්යාමය
වි. ගණන් පිළිබඳ වූ ; සංඛ්යා විෂය හා සම්බන්ධ වූ.
සංඛ්යාමාත්ර
වි. හුදු ගණන් වශයෙන් ඇති ; ගණන්වලට සීමා වූ.
සංඛ්යායන
වි. වටිනාකම ගිණීම පිළිබඳ වූ ; අගය මැනීම සම්බන්ධ වූ.
සංඛ්යාලේඛන
වි. ගණන් හිලව් පිළිබඳ වූ ; සංඛ්යා විස්තර සම්බන්ධ වූ.
නා.ප්ර. ක්රමවත්ව හා විද්යානුකූලව රැස්කළ සංඛ්යා විස්තර අඩංගු ලේඛන.
සංඛ්යාලේඛන නිලධාරි
නා.ප්ර. ගණන් හිලව් විස්තර භාරව සිටින නිලධාරියා.
සංඛ්යාලේඛන ශාස්ත්රය
නා. ගණන් හිලව් ක්රමවත් ව හා විද්යානුකූල ව සැකසීමේ විද්යාව ; සංඛ්යා ලේඛන විද්යාව.
සංඛ්යාලේඛනඥ
නා.ප්ර. ගණන් හිලව් විස්තර ක්රමවත් ව සකස් කිරීම, විද්යාවක් හැටියට ප්රගුණ කළ පුද්ගලයා ; සංඛ්යා ලේඛන විද්යාව හසළ තැනැත්තා.
සංඛ්යාව
1. නා. ගණන ; ගණන් මාත්රය;
2. ගණනක් දක්වන සංකේතය ; අංකය.
3. (ව්යාක.) වචනයකින් දක්වන ඒක බව හෝ බහු බව ; ඒක බහුභාවය.
සංඛ්යාවාචක
වි. ගණනක් කියැවෙන ; සංඛ්යාවෙන් ප්රකාශ වන.
සංඛ්යාවාදය
(පාරිහා,) නා. පූර්ණ සංඛ්යා හා ඒවා අතර සම්බන්ධය හැදෑරීම.
සංඛ්යාසූචක
(පාරිභා.) වි. ගණනක් ප්රකාශ කරන ; ගණනක් දක්වන.
සංඛ්යේය
වි. ගණන් කළ හැකි ; ගිණිය හැකි.
සංඛ්යේයය
නා. ගණන් කළ හැකි දෙය.
සංඛාභය
(පාරිභා.) නා. අචල ලක්ෂ්යයක භ්රමණය වන රේඛාවක් මත නියත දිගක් ඇති රේඛා ඛණ්ඩයක දෙකෙළවරෙහි ම පථයෙන් සමන්විත වූ තල චක්රයක්.
සංඛාර
නා.ප්ර. කුශල අකුශල කර්ම රැස් කිරීම ලක්ෂණ කොට ඇති ධර්ම සමූහය ; ප්රත්යෝත්පන්න ධර්ම සමූහය ; සංස්කාර ස්කන්ධය.
සංඛිත්ත
1. වි. නාද හැකුළුණු ; සංකෝචනය වූ.
2. කෙටි ; සංක්ෂිප්ත.
සංඛේය
වි. ගණන් කළ හැකි ; ගිණිය හැකි.
සංගණන වාර්තාව
නා. ගණන් ගැනීම පිළිබඳ වාර්තාව ; සංඛ්යා විස්තර සෙවීම සම්බන්ධ රපෝර්තුව.
සංගණනය
නා. රටක ජනගහනය, නිවාස ආදිය පිළිබඳ සංඛ්යා ලබාගැනීම සඳහා නිල වශයෙන් කරන ගණන් ගැනීම ; සංඛ්යාලේඛන සකස් කිරීම සඳහා පවත්වන ගණන් බැලීම.
සංගණිකාරාමතාව
නා. බොහෝ දෙනා හා හා එක් ව විසීමේ ඇල්ම.
සංගණිකාව
1. නා. (භික්ෂූන්) සමූහය සමග එකතු වීම ; එක්ව විසීම.
2. සමාජය ; සමාගම.