සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1653
සංගණිත
වි. ගණන් ගන්නා ලද ; රැස් කරනු ලැබූ.
සංගත
1. වි. එක් වූ, එකතු කළ; ඇසුරු කළ.
2. අදාළ , සුදුසු.
3. ඇලුණු ; ආශක්ත වූ.
4. අංග සම්පූර්ණ ; පරිපූර්ණ.
1. නා.ප්‍ර. එක්වීම ; සම්බන්ධ වීම.
2. සමාන, අසමානතා දැක්වීම ; සංසන්දනය.
3. සුවඳ වර්ගයන්හි ප්‍රභේදයක්.
4. ව්‍යාපාරික සමාගම් කීපයක් ඒකාබද්ධ වීමෙන් සෑදෙන විශාල සමාගම ; සමූහ ව්‍යාපාරය.
සංගත අංකය
(පාරිභා.) නා. ඝනයක අයනයක් හාත්පස සිසාරා පිහිටි අසල්වැසි අයන ගණන.
සංගත නිමිතය
නා. නිමාන ක්‍රමයක්.
සංගත වර්ණ
නා.ප්‍ර. එකිනෙක හොඳින් ගැළපෙන පාට ; ගැළපෙන පැහැය.
සංගත විරෝධී
වි. සමාගම් කීපයක් එකතු වී වඩා විශාල සමාගම් පිහිටුවීමට විරුද්ධ ; සාමූහික ව්‍යාපාර ඇති කිරීමට එරෙහි.
සංගත සනාල කලාපය
(පාරිභා.) නා. ශෛලම සහ ප්ලෝයම පටක එකම අරයක එකට සම්බන්ධ ව (කඳෙහි) පිිහටන සනාල කලාපය හෙවත් ශාක පරිවහන පටක පද්ධතිය.
සංගත සමීකරණ
(පාරිභා.) නා.ප්‍ර. සංකීර්ණ සමීකරණ විශේෂයක්.
සංගතතාව
(පාරිභා.) නා. 1. ගණිත සිද්ධාන්ත සියලු න්‍යායධර්ම පරස්පර විරෝධතාවෙන් නිදහස් ව තිබීමේ අවශ්‍යතාව.
2. එක් රැස් වූ ස්වභාවය ; රාශිභූත තත්ත්වය.
සංගතාර්ථ
නා.ප්‍ර. එක් වූ තේරුම ; සම්බන්ධ වූ අරුත.
සංගති
වි. එක්වීම පිළිබඳ ; සංගමය සම්බන්ධ.
සංගති ග්‍රාහ්‍ය
වි. සංගතියෙන් සලකාගත යුතු.
සංගති මානය
(පාරිභා.) නා. අර්ධ-තරල හෝ භංගුර ද්‍රව්‍යවල සංගතතාව හෝ දැඩිබව නිශ්චය කිරීමේ උපකරණයක්.
සංගතිය
1. නා. එක් වීම ; සම්බන්ධ වීම.
2. සමගිය ; එකමුතුකම.
3. ඉබේ සිදුවන දෙය ; ඉබේ සිදුවේය යන ධර්මතාව.
4. ගැළපීම ; උචිත බව.
5. (පාරිභා.) පරස්පර විරෝධතා නැති බව.
සංගදිය
1. නා. හේතුව ; කාරණය.
2. කරදරය ; අකරතැබ්බය.
සංගනවා
ක්‍රි. නොපෙනෙන හෝ අසු නොවන ලෙස තබනවා ; යටපත් කරනවා.
සංගම
1. වි. එකතුවීම පිළිබඳ ; එක්වීම සම්බන්ධ.
1. නා.ප්‍ර. එක්වීම ; සම්බන්ධවීම.
2. කායික සංසර්ගය ; සංවාසය.
3. පිරිසක් එකතු වී පොදු අරමුණක් ඇති ව පිහිටුවා ගත් සංවිධානය ; සමිතිය.
සංගම මුඛය
නා. ගංගා දෙකක් (හෝ කීපයක්) එක්වන ස්ථානයෙහි හෙවත් ගං සන්ධියෙහි පිහිටි මුවදොර.
සංගම රහිත කාලය
නා. (නීති.) කාන්තාවක සිය සැමියා මළ පසු යළි විවාහ නොවී, සංවාසයෙන් ද තොර ව සිටින කාලය.
සංගමතටය
නා. ගංගා දෙකක් (හෝ කීපයක්) එක්වන තැන පිහිටි තොට.
සංගමතාව
නා. සංයෝගතාව ; සහයෝගිත්වය.
සංගමන
වි. එකතුවන ; හමුවන.
1. නා.ප්‍ර. එකතුවීම ; රැස්වීම.
2. (පාරිභා.) එක් ලක්ෂ්යයක දී රේඛා හමුවීම.
සංගමන රේඛා
(පාරිභා.) නා.බහු. එක් ලක්ෂ්යයක දී හමුවන රේඛා.
සංගමන ලක්ෂ්‍යය
(පාරිභා.) නා. රේඛා හමුවන ලක්ෂ්‍යය.