බුද්ධදත්ත පාලි අකාරාදිය – 667

සංකාර

පු. කසල; කුණු රොඩු.

සංකාරකූට

පු. කුණු ගොඩ.

සංකාරචොළ

න. කුණු ගොඩේ දැමූ වස්ත්‍ර කැබැල්ල.

සංකාරට්ඨාන

න. කුණු දමන තැන.

සංකාරධාන

න. කුණු ගොඩ; කුණු භාජනය.

සංකාස

3. සමාන වූ.

සංකාසනා

ඉ. පැහැදිලි කිරීම; විස්තර කිරීම.

සංකිණ්ණ

3. මිශ්‍ර වූ.

සංකිත

3. සැක ඇති; සැක කළ.

සංකිත්තන

න. ප්‍රකට කිරීම; වර්ණනා කිරීම.

සංකිත්වා

පූ.ක්‍රි. සැක කොට.

සංකිතුං

නි. සැක කරන්ට.

සංකිය

පූ.ක්‍රි. සැක කොට.

සංකිලිට්ඨ

3. අපවිත්‍ර වූ; කිලිටි වූ.

සංකිලිස්සති

(සං+කිලිස+ය) අපිරිසිදු වේ; කිලිටි වේ.

සංකිලිස්සන

න. කිලිටි වීම.

සංකිලෙස

පු. කිලුට.

සංකිලෙසික

3. කිලුට පමුණුවන; කිලුටු කරන.

සංකී

3. සැක ඇත්තා.

සංකීයති

න. ා සැක කරනු ලැබේ.

සංකීළති

(සං+කීළ+අ) ක්‍රීඩා කෙරේ.

සංකු

පු. උළ.

සංකුචති

(සං+කුච+අ) හැකිලේ.

සංකුචන

න. ඇකිලී යාම; හැකිලීම.