බුද්ධදත්ත පාලි අකාරාදිය – 718
සම්මජ්ජනී
ඉ. ඉදල; මුස්න.
සම්මජ්ජිත
3. අමදින ලද; පිස දැමූ.
සම්මජ්ජිතබ්බ
3. ඇමදිය යුතු.
සම්මජ්ජිත්වා
පූ.ක්රි. ඇමද; පිසදමා.
සම්මජ්ජිතුං
නි. අමදින්ට.
සම්මජ්ජිය
පූ.ක්රි. ඇමද; පිසදමා.
සම්මට්ඨ
3. අමදින ලද; පිස දැමූ.
සම්මත
3. එකඟ බවට පැමිණි; නම් කළ; නියමිත වූ; බොහෝ දෙනෙකුන් පිළිගත්.
සම්මත්ත
3. ඉතාමත් වූ; මුළා වූ.
න. නිවරදි ස්වභාවය; යහපත් බව.
සම්මතාල
පු. කයිතාලම.
සම්මති
(සමු+අ) තැන්පත් වේ; නවතී; සංසිඳේ; සෑහේ.
සම්මද
පු. ආහාර ගැනීමෙන් පසු ඇතිවන දුර්වල භාවය; ක්ලාන්ත බව.
සම්මදක්ඛාත
3. මනාසේ දෙසූ.
සම්මදඤ්ඤා
පූ.ක්රි. මනාසේ දැනගෙන.
සම්මද්ද
පු. තද බද වීම.
සම්මද්දති
(සං+මද්ද+අ) දැඩිසේ මඩියි; යටත් කරයි.
සම්මද්දන
න. මැඩීම.
සම්මද්දන්ත
3. මඩින; මඩිමින්.
සම්මද්දස
3. නිවරදිසේ දකින්නා; මනාසේ දකින්නා.
සම්මද්දිත්වා
පූ.ක්රි. පාගා; මැඩ; යටත් කොට.
සම්මද්දිය
පූ.ක්රි. පාගා; මැඩ; යටත් කොට.
සම්මදෙව
නි. (සම්මා+එව) මනාසේම.
සම්මන්නති
(සං+මන+අ) සම්මත කෙරේ.
සම්මන්නිත
3. සම්මත කළ.