බුද්ධදත්ත පාලි අකාරාදිය – 719

සම්මන්නෙත්වා

පූ.ක්‍රි. සාකච්ඡා කොට.

සම්මන්නෙති

(සං+මන්ත+ණෙ) එක්ව සාකච්ඡා කරයි.

සම්මප්පජාන

3. නිවැරදිසේ දැනගත්.

සම්මප්පඤ්ඤා

ඉ. නිවැරදි නුවණ.

සම්මප්පධාන

න. යහපත් වීර්යය.

සම්මසති

(සං+මස+අ) විමසා බලයි; ස්පර්ශ කෙරේ.

සම්මසන

න. විමසා බැලීම.

සම්මසන්ත

3. විමසා බලන; විමසා බලමින්.

සම්මසිත

3. විමසා බැලූ.

සම්මසිත්වා

පූ.ක්‍රි. විමසා බලා.

සම්මසිතුං

නි. විමසා බලන්ට.

සම්මා

නි. මනාසේ; යහපත්.

සම්මාආජීව

පු. නිවැරදි ජීවිකාව.

සම්මාකම්මන්ත

පු. නිවැරදි ක්‍රියාව; පවින් වැළකීම.

සම්මාදිට්ඨි

ඉ. නිවැරදි ඇදහීම.

සම්මාදිට්ඨික

3. සම්‍යක් දෘෂ්ටි ඇති.

සම්මාන

පු. ගෞරවය.

සම්මානතා

ඉ. ගෞරව කිරීම; බුහුමන.

සම්මාපටිපත්ති

ඉ. නිවරදි සේ හැසිරීම.

සම්මාපටිපන්න

3. නිවරදි සේ පිළිපදින.

සම්මාපාස

පු. මයා යාගයක්.

සම්මාවාචා

ඉ. නිවරදි වචනය; සත්‍යය කීම.

සම්මාවායාම

පු. නිවරදි උත්සාහය.

සම්මාවිමුත්ති

ඉ. මනසේ කෙලෙසුන්ගෙන් මිදීම.